සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූThe Founder චිත්‍රපටය Hollywood සිනමාවට එක්වන නවතම චිත්‍රපටයයි. සුප්‍රසිද්ධ අවහන්හල් ජාලයක් වන McDonald’s ලොව පුරා ව්‍යාප්ත කරන්නට පුරෝගාමී වූ චරිතයක් වටා මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත. 1940 දී ඇමරිකාවේ ජීවත් වූ Richard James Mcdonald සහ Maurice James McDonald විසින් ආරම්භ කළ McDonald’s අවන්හලට අලෙවි නියෝජිතයෙක් ලෙස එක් වූ Ray Kroc ඉතා කාර්යක්ෂම මෙන්ම සැලසුම් සහගත සේවකයෙක් ලෙස අවන්හල තුළ නමක් දිනා ගනී. McDonald’s අවන්හල ප්‍රචලිත කරන්නට ඔහු වෙහෙස වී කටයුතු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව පුරා McDonald’s අවන්හල් ජාලය ව්‍යාප්ත වන්නට විය. අවසානයේදී අලෙවි නියෝජිතවරයෙක් ලෙස McDonald’s අවන්හලට එක් වූ Ray Kroc එහි හිමිකරුවා වන්නට තරම් දක්ෂ සේවකයෙක් බවට පත්වේ. The Founder චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ Ray Kroc නම් වූ චරිතය වටායි. Michael Keaton මෙහි Ray Kroc ගේ චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වේ. ඩොලර් මිලියන 07 ක වියදමින් නිර්මාණය කළ The Founder චිත්‍රපටය John Lee  Hancock විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර මේ දිනවල ඇමරිකාවේ තිරගත වේ.