ගණන් කාරයාටත් ගණන් වරදී.

 

Super 30 කියන්නෙ රිතික් රෝෂන් රංගනයෙන් දායක් වූ අලුත්ම film එකක්.හැබැයි මේ කතාව ඒ film එක ගැනවත් ඔහුගේ රංගනය ගැනවත් නම් නෙවෙයි.ඒ චිත්‍රපටියට අදාලව නිර්මාණය වූ පෝස්ටරයක් සම්බන්දවයි.ඉංදියාව කියන්නේ සිනමාව දේවත්වයෙන් වගේ අදහන රටක්.ඒ නිසාම ඉංදියානු සිනමා රසිකයින් සිනමාවේ සිදුවන සියුම් දේවල් කෙරෙහි පවා ලොකු අවධානයකින් ඉන්නේ.මේ සදහා හොදම උදාහරණයක් විදියට ඉහත සදහන් කළ super 30 film එකට අදාල පෝස්ටරය නිසා වූ සිද්ධියක් පෙන්වා දිය හැකිය.රිතික් ඔහුගේ twitter ගිණුමට එම පෝස්ටරය ඇතුළත්කර ඇති  අතර එක්තරා රසිකයෙක් ආන්දෝලනාත්මක අදහසක්  එම post එකට අදාලව දක්වා ඇත.එම පෝස්ටරයේ ඇත්තේ රිතික්ගේ photo එකක්.එහි පසුබිමේ ඇත්තේ ගණන් කිහිපයකි.එය එසේ නිර්මාණය වීමට හේතු වී ඇත්තේ එම film එක නිර්මාණය වෙලා තියෙන්නේ ඉංදියාවේ ප්‍රකට ගණිතවේදියෙකු බවට පත්වන ආනන්ද් කුමාර්ගේ චරිත කතාව ඇසුරෙන් වීම මතයි.රසිකයා ඔහුගෙ අදහස් දැක්වීමේදී කියා ඇත්තේ එම පෝස්ටරයේ ඇති එක්තරා ගාණක උත්තරය වැරදි බවයි.මේ තුළින් පැහැදිලි වන්නේ ඉංදීය සිනමා ප්‍රේක්ෂකයා සිනමාව පිළිබදව කොතරම් උනන්දුවකින් සිටිනවාද යන්නයි.