ධර්මසේන පතිරාජ.

සිංහල සිනමවේ බඹර සලකුණ තැබූ සිනමා කරුවා ලෙස බඹරු ඇවිත් සිනමා පටයේ නිර්මාණකරුවා වන ධර්මසේන පතිරාජයන් හැදින්විය හැකිය.නමුත් එය එතරම් සරල කාරනයක් නොවන බව සදහන් කළ යුතුය.නිදහසේ පිපුන මලක අගය හා එහි විප්ලවකාරී කතා බහ ඇති වන්නේ ඒ මළ වෙත බඹරුන්ගේ ආගමනයත් සමගයි.

ලෙස්ටර් ජෙම්ස් පීරිස් නම් අග්‍රගන්‍ය සිනමා වේදියාගෙන් පසුව අපට හමුවන ඊළග විප්ලවකාරී සිනමා වේදියා බවට පත්වන්නේ ධර්මසේන පතිරාජ නම් සිනමා වේදියායි. එමෙන්ම ශ්‍රී ලාංකේය සිනමාවේ වම් ඉවුරේ ප්‍රභලතම හා මූලාරම්භක සිනමාකරුවා ලෙසත් ඔහුව හැදින්විය හැකිය. ප්‍රංශ නව රැල්ලේ හා ඉතාලියානු නව යථාර්තවාදී සිනමාවේ යම් යම් ලක්ෂණ ඇතිව සිනමා නිර්මාණකරනයට පිවිසෙන ඔහු මෙරටට ආවේනික වම් ඉවුරේ සිනමාවක් නිර්මාණය කිරීමට සමත් විය.

පේරාදෙණිය සරසවියෙන් 1967 වර්ශයේදී සිංහල හා බටහිර සම්භාව්‍ය සංස්කෘතියට ආදාළව ගෞරව උපාදියක් ලබාගන්නා ඔහු කාලාවේ මූලික හැදෑරීම සර්ත්චන්ද්‍රයන් හමුවේ ලබා ගන්නා ලදි.ඔහු ඔහුගේ සිනමා හැදෑරීම සිදුකරනු ලබනේ ඔස්ට්‍රේලීයාවේ මොනෑෂ් සරසවියෙනි.මේ ආකරයට අධ්‍යාපනය හදාරන ඔහු සිනමා කරුවෙකුට අමතරව කතිකාචාර්ය වරයෙකු ලෙසද කටයුතු කරන ලදි.

ඔහු සිනමාව සදහා පිවිසෙන්නේ 1969දී සතුරෝ නම් කෙටි චිත්‍ර පටය අධ්‍යක්ෂනය කිරීම හරහායි.නමුත් ඔහුගේ ප්‍රතම වෘත්තාන්ත සිනමා පටය බවට පත් වන්නේ අහස් ගව්වයි.නමුත් ඊට පෙර ඔහු හන්තානේ කතාව සිනමා පටයේ සහය අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර ඇත.මේ ආකරයට තම සිනමාගමනය ආරම්භ කරන ඔහුගේ සිනමවේ කැපී පෙනෙනම ලක්ෂනය බවට පත්වන්නේ ඉතා ගැඹුරු ජීවන යථාර්තයන් හා සමාජ දේශාපලනික යාථාර්තයන් සරල ආකෘතියක් යටතේ රූපයට නැගීමයි.නමුත් එම උඩින් ඇදෙන සරල ස්තරයට යටින් ගැඹුරු දේශාපලනික මෙන්ම මානුෂීය  ස්තරයන් කීපයක් පිළිබදව ගැඹුරු විවරණයක් ගෙන එයි.

ඔහු මෙන්ම මෙම යුගයේ වම් ඉවුර නියෝජනය කළ තවත් සිනමා කරුවන් දෙදෙනෙකු ලෙස වසන්ත ඔබේසේකර සහ ධර්මසිරි බණ්ඩාරනායක හැදින්විය හැකිය.මෙහිදී ධර්මසිරි බණ්ඩාරනායක පතිරාජයන් පිළිබද තබන ලද සටහනක් සිහිපත් කිරීම වටී.එනම් “පතිරාජ අහස් ගව්ව නොකෙරුවේනම් මාගේ අතින් හංස විලක් නොකෙරේවි” යනුවෙනි.

ඔහුගේ සිනමාව තුළ හමුවන වැදගත්ම නිර්මාණය ලෙස සැලකෙන්නේ බඹරු ඇවිත් සිනමා පටයයි.විජය කුමාරතුංග හා මාලනී ෆොන්සේකා ප්‍රධාන භූමිකා රග දක්වන මෙය ඉතා සරලව ගලා යයි.නමුත් ඊට යටින් ගැඹුරු දේශපාලනික මෙන්ම සමාජ ස්තරයන් ස්පර්ෂ කරයි.එක්තරා ග්‍රාමීය ධීවර ගම්මනයකට පැමිනෙන නාගරික ධනේෂ්වර වික්ටර් නම් ව්‍යාපාරිකයා සහ එම ගමේ රූමත් තරුණියක් වන හෙලන් අතර ඇතිවන ප්‍රේමයත් එය ලිංගික සම්බන්දතාවයකින් අවසානය සනිටුවහන් වීමත් යන සරල කතාව ඉතා ගැඹුරු දේශපාලන මතවාදයක් ලෙස සිනමා තිරය මතට රැගෙන එයි.

ධර්මසේන පතිරාජයන්ගේ සිනමා නිර්මාණකනයේ තවත් වැදගත්ම සිනමාපට දෙකක් ලෙස පාර දිගේ සහ සොල්දාදු උන්නැහේ හැදින්විය හැකිය.ඊට අමතරව එයා දැන් ලොකු ළමයෙක්,මතු යම් දවසක,වාසුලි,සක්කාරං,ස්වරූප, යන සිනමාපට ඔහු විසින් නිරමාණය කරනු ලැබීය.නමුත් ස්වරූප හා වාසුලි සිනමා පට තවම තිරගත වී නොමැත.ඔහු විසින් පොන්මනී නම් දමිළ චිත්‍රපටයක්ද නිර්මාණය කරනු ලැබීය.එය මෙරට සිනමා කරුවෙක් දමිළ සිනමාව වෙනුවෙන් මැදිහත් වූ ප්‍රභලම අවස්තාවක් ලෙස සිනමා ඉතිහාසය තුළ සනිටුවහන් වෙයි.

ඔහුගේ මෙම සිනමා භාවිතාවේ ඇති සුවිශේසි භාවය නිසාම ඔහු ජාත්‍යන්තර නියෝජනයන්ට මෙන්ම ජාතික මට්ටමේ සම්මානයට පවා පාත්‍ර විය.1978දී බඹරු ඇවිත් සිනමා පටය සදහා හොදම අධ්‍යක්ෂකවරයාට හිමි ජානාධිපති සම්මානයත්,1991 දී සොල්දාදු උන්නැහේ සිනමා පටය සදහා හොදම අධ්‍යකෂ්නයට හා හොදම තිර රචනයට හිමි සම්මානත් ඔහු විසින් හිමිකරගනු ලැබීය.වසර පනහක් පමන වූ සිංහල සිනමාවේ දැනට නිර්මාණය වූ සිනමා පට අතර බඹරු ඇවිත් හතර වන ස්ථානයේත්,සොල්දාදු උන්නැහේ එකළොස්වන ස්ථානයේත්,අහස් ගව්ව දහතුන්වන ස්ථානයේත් කිරුළු දරා සිටී.වෘත්තාන්ත සිනාමවට අමතරව ඔහු විසින් අදුරින් එළියට,වෙරළ නම් වාර්තා චිත්‍රපටිද නිර්මාණය කර ඇත.සිනමා අධ්‍යක්ෂනයට සීමා නොවන ඔහු ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් සිනමා පටයේ හෙමෙන් සැරේ පියා විදා ගීතය රචනා කිරීම තුළින් සිනමා ගීත රචනා කලාවටද පිවිසුනේය.එය අදවන විටද තරුණ පරම්පරවේ පවා නිතර තොල්මත මිමිනෙන ගීතයක් බවට පත් වී ඇත.

ඔහු තම ප්‍රකාශන මාධ්‍යය ලෙස සිනමාව යොදාගනු ලැබුවත් ඔහුගේ කලා භාවිතාව තවත් බොහෝ ඉසව් කෙරෙහි යොමු වෙයි.1971 දී ද චෙයාර්ස් නම් නාට්‍ය ඔහු විසින් පුටු ලෙස සිංහලයට පරිවර්තනය කරනු ලැබීය.එය හොදම පරිවර්තන නාට්‍යය ලෙස රාජ්‍යය සම්මාන හිමිකරගනු ලැබීය.එමෙන්ම ඔහු විසින් සිංහලට පරිවර්තනය කරන ලද පේද්රෝ පරමෝ නවකතාව හොදම පරිවර්තන නවකතාව ලෙස 2013 වසරේදී සම්මානයට පාත්‍ර විය.

සිනමාවට අමතරව ඔහු විසින් ටෙලි නාට්‍යය සදහාද අගනා නිර්මාණ රැසක් බිහිකර තිබේ.ඇල්ල ළග වළව්ව,වන්නි හාමිලාගේ කතාව,පුර සක්මන,කඩුල්ල, ඒ අතර වෙයි.1988 දී උන්ඩා අභිනන්දන සම්මාන උළලේදී ඇල්ල ළග වලව්ව හොදම ටෙලි නාට්‍යය ලෙසත් 1991 දී කඩුල්ල හොදම ප්‍රතිභාත්මක ටෙලි නාට්‍යය ලෙසත් සම්මානයට පාත්‍ර විය.

අවුරුදු තිස් එකක් පමන වූ තරුණ වියකදී සිනමාවට පැමිණෙන පතිරාජයන් ඔහු මිය යන්නට ආසන්න වන තෙක්ම තම තුරුණු සිනමා වියමන ගෙතීමෙහි නිරත විය.ඔහුගේ සිනමා අදවන විටද සිනමාවට පිවිසෙන ආධුනිකයින් සදහා මග පෙන්වයි.ඔහු මිය ගියද ඔහුගේ සිනාමවේ ආත්මය ලාංකේය සිනමා ඉතිහාසයත් වර්තමානයත්  අනාගතයත් තුළ අමරණීයව පවතින බව අවිවාදිතය.