කොහොමද නදීශා Life එක?
Life එක හොඳයි. Happy එකේ ඉන්නවා.

නදීශාට කොහොමද බතීෂ හමුවෙන්නේ?
හ්ම්… බතීෂ කියන්නේ මගේ යාළුවෙක්ගේ යාළුවෙක්. එහෙම තමා මට බතීෂ මුලින්ම හම්ඛෙන්නේ.

Friendship එක කොහොමද ආදරයක්බවට පත්වෙන්නේ?
ඔව්. සෑහෙන කාලයක් තිස්සේ අපි හඳුනාගෙන හිටියා. දවසක් අපි කට්ටියම ගියා කතරගම. එදා මට දැනුනා බතීෂගේ විශේෂත්වයක්. ඒ කතරගම වන්දනා ගමන නිසා තමා මායි බතීෂයි ගොඩාක් සමීප වුණේ. ඊට පස්සේ තමා ආදරය පටන්ගත්තේ.

බතීෂට කැමති වෙන්න නදීශා දැක්ක විශේෂත්වය?
මම හොයපු පෙනුම. එතකොට එයා අඳින පළඳින විදිය සහ ගතිගුණ මේ සියල්ල තමා මගේ හිත එයාට කැමති වෙන්න හේතුව.

නදීශා, බතීෂ ගේ Cricket තරඟ නරඹලා තිබ්බද ?
නැහැ. මම Photos වලින් තමා දැක්කේ .එහෙම නැතුව එයා ඉන්න Cricket Match එකක් බලන්න නම් ගිහින් තිබ්බේ නැහැ.

එතකොට නදීශා Cricket වලට තියෙන කැමැත්ත?
මම කොහොමත් Sports වලට කැමති කෙනෙක්. පාසල් කාන්තා Cricket පවා කරපු කෙනෙක්.

එතකොට බතීෂ නදීශා Act කරපු Films හෝ Drama බලලා තියෙනවද ?
නැහැ. දැන් තමා එවා බලන්නේ.

කොහොමද කලාවට බතීෂගේ තියෙන කැමැත්ත?
හොඳ අවබෝධයක් තියෙනවා. Films එහෙම වැඩිපුර බලනවා.

එයා හරි කැමැති මම ලස්සනට ඉන්නවට.
එතකොට දැන් නදීශා බලාපොරොත්තු වුණ ආදරයම ලැඛෙනවා ද බතීෂගෙන්?
අනිවාර්යෙන්ම. 100% ක්ම මම බලාපොරොත්තු ආදරය, රැකවරණය මට බතීෂගෙන් ලැඛෙනවා. මම ඒ අතින් හරිම වාසනාවන්තයි.

නදීශාට මුලින්ම ලැබුණු Gift මොකක්ද ?
මට ලැබුණා White Gold Chain එකක් එක්ක Monkey කෙනෙක්.

Monkey  කෙනෙක් ?
හ්ම්… ඔව්, අපේ ආදර කතාවේ Theme එක Monkey . එකට ඉතින් Long Story එකක් තියෙනවා.

හරි එතකොට නදීශා බතීෂට දුන්න Gift?
මම දුන්නා Shirt එකක්. ඊට පස්සේ ඉතින් මම අපේ Affair එක පටන් ගත්ත Date එකට මම පොඩි Gift දීලා මතක් කරනවා.

Free Time එකක් ලැබුණාම කොහෙද යන්නේ ?
අපි දෙන්නම ගොඩක් කැමැතියි Travel කරන්න. ඉතින් Free එකක් ලැබුණ ගමන්කරන්නේ කොහේ හරි Travel කරන එක.

විදෙස්ගත වෙන්න එහෙම අදහසක් තියෙනවා ද?
අම්මෝ කවදාවත් ලංකාව දාලා පදිංචියට රට යන්නේ නම් නැහැ. නමුත් අපි දෙන්නගෙ Dream එකක් තියෙනවා World Tour එකක් කරන්න.

කොහොමද Life එකේදී තරහ යන අවස්ථා තියෙනවා ද?
අම්මෝ ඔව්. දෙන්නටම හොඳටම තරහ නම් එනවා .ඒකෙන් නම් කිසිම අඩුවක් නැහැ.

කොහොමද බතීෂ තරහ වුනාම, කතා නොකර ඉන්නවා ද ?
අනේ නැහැ. එයාට මොකක් හරි නිසා තරහක් අවොත් එයා කරන්නේ ඒ දේ විසඳ ගන්නකම් ප්‍රශ්න අහන එක. මම ඉතින් එක දකින්නේ එයාගේ හොඳ ගති ගුණයක් විදියට. මොකද ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්නවට වඩා ඒ දේ කතා කරලා විසඳ ගන්න එක හොඳයි 

කොහොමද දෙන්නාම Fitness ගැන හිතන්නේ?
දෙන්නම  Exercise කරනවා. ඒ වගේම ශරීරයට හිතකර ආහාරපාන ගන්නවා. මොකද අපි සෞඛ්‍යයට මුල් තැන දෙන්න ඕනෙනේ.

නදීශා ගොඩක් Fashionable Actress කෙනෙක්නේ කොහොමද Fashion තෝරා ගන්නේ?
කොහොමත් Actress කෙනෙක් කියන්නේ Fashion Icon එකක්නේ.
මොකද ගොඩක් අය බලන් ඉන්නේ අපි කරන Fashion  ගැන. එනිසා මම මට ගැලපෙන සැහැල්ලූ විලාසිතා තමා කරන්නේ.

නදීශාට දැනෙන බතීෂ ගේ වෙනස්වුණොත් හොඳයි කියල හිතෙන දේ ?
හ්ම්… ටිකක් වැඩිපුර කේන්ති ගන්න එක සහ ඉතින් පොඩ්ඩක් කට වැඩියි. ඒක තමා. ඒ   ඇරෙන්න ඔක්කොම හොඳයි.

එතකොට නදීශා පෙම් ජවනිකා එහෙම රඟපානවට කැමැති ද ?
අම්මෝ නැහැ. එහෙම වුණොත් ගෙදර ජවනිකා නැති වෙයි. කොහොමත් බතීෂ වැඩි කැමැත්තක් නැහැ මම රගපනවට .

ඒ කියන්නේ ඉදිරියේදී නදීශා රංගනයෙන් ඈත් වෙයි ද ?
මම කොහොමත් පසු ගිය කාලේ ඉඳන් තෝරාගෙන රඟපෑවේ. ඉතින් ඉදිරියටත් එහෙමයි. හොඳ ගුණාත්මක නිර්මාණ හරහා දකින්න ලැඛෙයි.

අනාගත බලාපොරොත්තු?
කලාවෙන් ඈත් වෙන්නේ නම් නැහැ. ඒවත් කරගෙන බතීෂගේ ව්‍යාපාර කටයුතුවලට උදව් කරගෙන ආගමට දහමට අනුව හොඳින් ජීවත් වීම තමා එකම බලාපොරොත්තුව.