A/L කලේ ගණිත අංශෙයන්

මාලිංග මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල නම් ගෙදරට වෙලා තමයි වැඩිපුර ඉන්නේ පොඩි Treatement වගයක් කරනවා. Injury එක නිසා අවුරුදදක් විතර ගෙදරට වෙලා හිටියා. ඊට අමතරව ඉතින් Practise තමයි.

විවේකයක් ලැබුණ වෙලාවට මොකද කරන්නේ?
විවේකයක් නම් හරිම අඩුයි. විවේකයක් ලැබුණ වෙලාවට ඉතින් බබාලා දෙන්නා එක්ක ඉන්න තමයි බලන්නේ.

විවේකයක් ලැබුනම වැඩිපුරම යන්න කැමති කොහේද?
මම නම් කැමති ගෙදරට වෙලා ඉන්න තමයි.

විවෙකයක් ලැබුණම සින්දු අහන්නේ නැද්ද ?
සින්දු අහනවා.

සින්දුවක් කියන්න එහෙම Try කරලා නැදද ?
අනේ නැහැ. මම හිතන්නෙ ඒ හැකියාව මට නැහැ.

වඩාත් කැමති කාගේ ගීත අහන්න ද ?
චාමර වීරසිංහගෙ සින්දු අහන්න මම ගොඩක් කැමති.

ඇයි ඒ ?
චාමර ගේ Voice එකට මම ගොඩක් ආසයි.

Film එහෙම බලන්න කැමති නැද්ද?
අකමැත්තක් නැහැ. නමුත් තියෙන වෙලාව හරිම අඩුයි.

වෙලාවක් ලැබුනොත් බලන්න කැමති Films මොනවද?
වෙලාවක් තිබුනොත් ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ ඉන්නFilm’sතමා බලන්න කැමති.

හේතුව?
ටිකක් හිනාවෙලා සතුටු වෙලා ඉන්න පුළුවන් නිසා.

පාසල් ගිය කාලේ මතක් කලොත් ක්‍රීඩාවට අමතරව මොනවා ද කළේ ?
ඒ කාලේ නම් ක්‍රීඩාවට අමතරව කළේ ඉගෙන ගන්න එක තමයි. O/L ඉහලින්ම පාස් වුනා . A/L කළේ ගණිත අංශයෙන්

ඒ කාලේ ආසම විෂය ගණිතය ද ?
ඔව්. අනිවාර්යෙන්ම.

ඔබ ක්‍රීඩකයෙක් නොවුනා නම් ?
මම හිතන්නේ A/L කලේ ගණිත අංශයෙන් නිසා A/L Pass වෙලා ඒ Field එකේ job එකක් කරයි.

මාලිංග විලාසිතාවලට කැමති ද ?
ඔව්. මම බාහිරින් විලාසිතා කළාට ඇග ඇතුලෙන් බොරුවට එළියට පෙන්නන්නේ නැහැ. මගේ විලාසිතාව කියන්නේත් මටම තමයි.

මාලිංග මාධ්‍යය එක්ක තරහයි ද ?
මෙහෙමයි. තරහක් නැහැ. මාධ්‍යය හිතන් ඉන්නේ එයාල කියන හිතන විදිහට ඉන්න ඕනි කියලා. එහෙම නැති වුනහම ගහනවා. මාධ්‍යය හිතන් ඉන්නේ ලසිත් මාලිංග හැදුවේ මාධ්‍යය කියලා. මට අහන්න තියෙන්නේ එහෙනම් ඇයි එක්කෙනෙක් හදලා නිකන් හිටියේ කියලා. දහ දෙනෙක් විතර හැදුවා නම් ගොඩනේ. මාධ්‍යයට ක්‍රීඩකයෝ හදන්න බැහැ. එයාලට පුළුවන් හැදුන කෙනක් උඩ දාල පුම්බන්න විතරයි.

මාලිංග අද ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
ඔව්. ඇත්තටම මම සතුටු වෙනවා .

අවසාන වශයෙන් Life එකේ ඉදිරිය ගැන කොහොමද හිතලා තියෙන්නේ?
ලොකු දෙයක් හිතලා නම් නැහැ. තව ටික කාලයක් ක්‍රීඩා කරලා ඊට පස්සේ ගෙදර අයත් එක්ක හොඳින් ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.