සංගීතය නිර්මාණය කළ සෑම සිනමා කෘතියකටම මට සම්මාන ලැබුණා.

ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතය?
ජීවිතය නම් නිර්මාණ එක්ක සංගීතය එක්ක තමයි.

හර්ෂ මාකලන්දට කොහොමද සංගීතයේ ඇසුර ලැඛෙන්නේ?
සංගීතය ඉගෙනගන්න පටන්ගත්තේ නම් මට අවුරුදු 5 දී වගේ. අපේ තාත්තාගේ පැත්තෙන් සංගීතයට හොද සංගීත පසුබිමක් තිබ්බා. ඒ අයගෙන් තමයි මට මුලින්ම සංගීතයට ආසාවක් ඇතිවුණේ.

වෘත්තීය සංගීත ක්ෂේත්‍රය එන්නේ කොහොමද?
මම පාසල් ගියේ කොළඹ ආනන්ද විද්‍යාලෙට. ඉන්ජිනියරින් කරන්න තමයි හිටියේ. ඔහොම ඉන්නකොට පානියස් කියන ඒ කාලේ ලංකාවේ හොඳම Music Band එකට සම්බන්ධ වුණා. ඒ 1976 දී. ඊට පස්සේ තව සංගීත කණ්ඩායම් කිහිපයකටම සම්බන්ධ වුණා. ඒ කාලෙම තිස්ස අබේසේකර මහත්මයාගේ ඇසුර ලබන්නත් පුලූවන් වුණා. ඔය විදිහට තමයි මම වෘත්තීය සංගීත ක්ෂේත්‍රයට එන්නේ.

කරපු නිර්මාණවලින් රසිකයින් අතරට වඩාත්ම ගියේ මොන නිර්මාණ කියලද හිතන්නේ? 
මගේ නිර්මාණවලට මාධ්‍යයෙන් ලැබුණේ නම් අඩු සැලකිල්ලක්. 1985 න් පස්සේ රූපවාහිනිය පැත්තටවත් යන්න ආරාධනයක් ලැබුනේ නැහැ . 1992 දී ස්වර සවි වන්නම ප්‍රසංගය කළා. ඒක අපේම දේශීය සංගීතය ඇසුරෙන් හදපු Ochestra එකක්. ඒක 2007 දී ජපානයේදීත් කළා. හොඳ ප්‍රතිචාර ලැබුනා. මගේ ගොඩක් නිර්මාණවලට විදේශ රටවලින් තමා හොද ප්‍රතිචාර ලැබුණේ. නමුත් අපේ මාධ්‍යවලින් ඒවාට ඉඩක් ලැබුණේ නැහැ.

සිනමාවට ඔබේ දායකත්වය ?
ඔව්. සිනමා නිර්මාණ ගණනාවකට මගේ දායකත්වය ලබාදීලා තිඛෙනවා. ප්‍රසන්න විතානගේ ගේ ”අනන්ත රාත්‍රිය”, ”පවුරු වළලු”, ඛෙනට් රත්නායකගේ ”අස්වැද්දුම”, අශෝක හදගමගේ ”අක්ෂරය ” ඒ වගේම තිස්ස අබේසේකරයන්ගේ ”ඉර හඳ ගල” වගේ නිර්මාණවලට මගේ දායකත්වය ලබා දීලා තිඛෙනවා. ඒ වගේම වාර්තාමය චිත්‍රපට ගණනාවකටත් මම සංගීතය සපයලා තියෙනවා.

ඒ වගේම ටෙලිනාට්‍යවලට කොහොමද ඔබේ දායකත්වය?
තිස්ස අබේසේකරගේ ”පිටගම්කාරයෝ”, ඛෙනට් රත්නායකගේ ”ගහනය” ටෙලිනාට්‍යවලට මම සංගීත නිර්මාණය කළා.

හර්ෂ මාකලන්ද සංගීතය සහ නිර්මාණකරණයේ ගුරුවරුන් හැටියට සලකන්නේ කවුද?
මගේ නැන්ද ඈන් මාකලන්ද, ස්වර්ණා නානායක්කාර, සිසිර රොද්‍රිගු වගේ අය.

ඔබේ ඉදිරි නිර්මාණ ගැනත් අපි කැමති දැනගන්න?
30 දෙනෙකුගෙන් සමන්විත Ochestra එකක් සදහා සුදානම් වෙනවා. එකට දේශීය සංගීතය ඇසුරින් නිර්මාණ කීපයක්ම හදලා තියෙනවා.

අවසාන වශයෙන් අද තියෙන සංගීත සහ නිර්මාණ දකින්නේ කොහොමද?
එදා නම් Filed එකට හැමෝම ආවේ සංගීතය ඉගෙන ගෙන. අද එහෙම නැහැ. රියැලිටි වැඩසටහන් මගින් සංගීතය ඉගෙන ගනිමින් ඉන්න අයත් Filed එකට ගේනවා. ඒ අයට දෙන අධි තක්සේරුව නිසාම වැඩිදුර සංගීතය ඉගෙන නොගන ඔවුන් අතරමං වෙනවා. මේ වගේ දේවල් තමයි අද දකින්න තියෙන්නෙ.