First man

අපි කවුරුත් දන්න කතාවක් තමා නීල් අම්ස්ට්රෝන් හදට ගිය කතාව.ඔන්න ඒ කතාව මුල්කරගෙන first man කියල නවතම සිනමා පාටයක් hollywood සිනමාවට එන්න යන්නෙ.නමුත් එම සිනමා පටය ඇමරිකානුවන් වර්ජනය කිරීමේ ආරංචියක් පැතිරී යනව.ඊට හේතුව ආම්ස්ට්රෝන් හද මත පය තබා ඇමරිකන් කොඩිය හදමත පිහිටුවීම එම චිත්‍රපට තුළ සදහන් නොවීමයි.joss singer තිර රචනය කරන මෙම සිනමා පටය අධ්යක්ෂණය කරන්නේ damien chazelle විසිනුයි.මෙහි දක්නට ලැබෙන තවත් විෂේශත්වයක් බවට පත්වනේ steven speilberg විධායක නිෂ්පාදකයා ලෙස කටයුතු කිරීමයි.ඒ වගේම මෙම සිනමා පටයේ නිෂ්පාදකයා ලෙස කටයුතු කරල තියෙන්නෙ  ,Dream works picture ආයතනයයි.මෙහි ප්‍රදාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ  Rayan gosling.මෙම චිත්රපටියේ අධ්‍යක්ෂකවරයගේ තවත් ප්‍රසිද්ද නිර්මාණයක් වන la la land සිනමා පටයේ ප්‍රදාන චරිතය නිරූපනය කරන්නේද Rayan gosling විසිනි.මෙම අපූරු සිනමා අත්දැකීම ඉදිරි මාස කීපය ඇතුළත ලොව පුරා ප්‍රදෂණය කිරීමට නියමිතව ඇත.