Dananjaya siriwardana

­01.කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ.මේ දවස්වල ටිකක් කාර්ය භහුලයි.සිල්ලර සමනල්ලු සහ හරස් පාර කියල tele drama දෙකක වැඩ කරගෙන යනව.ඊට අමතරව දැවැන්ත සිනමා නිර්මාණයක් සහ ටෙලි නිර්මාණයක් සදහා සූදානම් වෙනව.

02.ඔබ වැඩියෙන්ම ප්‍රසිද්ධ tele drama actor කෙනෙක් විදියට නේද? පැහැදිලිවම ඔව් මම මේ වෙනකොට tele drama 200කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනව.ඒ නිසා මම වැඩියෙන්ම ප්‍රසිද්ධ tele drama actor කෙනෙක් විදියට තමා.

03.ඔබ වැඩියෙන්ම කැමති සිනමාවටද පුංචි තිරයටද? සිනමාවයි ටෙලි නාට්‍යයයි කියන්නෙ මාධ්‍යය දෙකක් රංගනය කියන්නේ එ දෙකටම පොදු දෙයක්.ඉතින් රංගන ශිල්පියෙක් විදියට මම මේ මාධ්‍යය දෙකටම එක වගේ කැමතී වෙනසක් නෑ.

04. සිනමාව ඇතුළේ තාම ලොකු දෙයක් කරන්න බැරි උනා නේද? ඔව් ඇත්තටම මට සිනමාව ඇතුළේ ලොකු දෙයක් කරන්න බැරි උනා.එහෙම ලොකු දෙයක් කරන්න ඕනෙ කියල බලාපොරොත්තුවකුත් මට නෑ.ලැබෙන චරිතයට සාධාරණයක් ඉටුකරන එක තමා රංගන ශිල්පියෙක් විදියට මගේ බලාපොරොත්තුව.

05.mega tele drama රැල්ල ගැන ඔබ මොකද හිතන්නේ. ඒක වෙනම ශෛලියක්.ලංකාවේ විතරක් නෙමේ ලෝකේ mega tele drama කියන එක ගොඩක් ජනප්‍රියයි.ඒක බැහැර කරන්න ඕනෙ දෙයක් නෙමේ.

06.ගොඩක් අය කියනව ඔබ ගොඩක් අහංකාර චරිතයක් කියල. ඒක actor කෙනෙක් උන එක ගැන ආඩම්බරයක්ද? මාව ආශ්‍රය කරපු නැති අය තමා ඔහොම කියන්නේ.මාව ආශ්‍රය කරන එකත් හැබැයි හැමෝටම කියන්න බෑ.මාව ආශ්‍රය කරන අය දන්නව මම කොහොම චරිතයක්ද කියල.

07.තව අවුරුදු දහයකින් ඔබ මොන වගේ තැනක ඉදීද? බොහෝ වෙලාවට මේ රටේ ප්‍රසිද්ධ දේශපාන චරිතයක් වෙලා ඉදී එහෙම නැත්නම් මේ රටෙන් යයි.

08.ඔබට පරමාදර්ෂයක් වූ චරිතයක් ඉන්නවද? නෑ මට එහෙම කෙනෙක් නෑ.

09.ධනංජය සිරිවර්ධන කියන්නේ ගොඩක් Fashionable actor කෙනෙක් නේද?ඔබ අවධානය යොමු කරන්නේ new trend එකට fashion කරන්නද? අනිවාර්යෙන්ම එහෙම වෙන්න එපැයි නේද?කවුද කැමති පරණ fashion කරන්න.කලාකාරයෝ කියන්නේ fashion හදුන්වලා දෙන පිරිසක් ඒ නිසා ඒ අයට fashion කරද්දි ලොකු වගකීමක් තියෙනව.

10.ඔබ මෙතෙක් රගපෑ චරිත අතරින් වැඩියෙන්ම කැමති චරිතය මොකක්ද? රතු අහස සහ විරාග කියන නිර්මාණ වලට.

11.as an actor how whould you like to be remember by the people. කිසිම අවස්තාවක අසාර්තක නොවුන රංගන ශිල්පියෙක් විදියට මිනිස්සුන්ගේ මතකයේ රැදෙන්න කැමතී.ඒ වගේම ධනංජය සිරිවර්ධන නැති වුන දවසක ධනංජය සිරිවර්ධන කියල කෙනෙක් මේ රටේ හිටිය කියල මිනිස්සුන්ගේ මතකයේ රැදෙනවනම් මම ඒකට කැමතී.

12.වර්ථමානයේ කලාව හා දෙශපාලනය අතර ප්‍රශ්නයක් තියෙනව නේද?ඔබ ඒ ගැන මොන වගේ අදහසක්ද දරන්නේ. ලංකාවේ මේ වන විට කලාව හා දේශපාලනය අතර විuතරක් නෙමෙයි දේශපාලනය හා හැමදේම අතර ප්‍රශ්නයක් තියෙනව.අධ්‍යාපනය, නීතිය ,සාමය,ව්‍යාපාර ක්‍රීඩාව මේ හැමදේකටම දේශපාලනය ඇතුල් වෙලා තියෙන්නේ.ඒ නිසා මේ හැම දෙයක් එක්කම දේශපාලනය විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

13.ඔබ acting work shop එකක් කරනව නේද?එහෙම කරන්නේ ඔබ ප්‍රායෝගිකව ඉගෙන ගත්ත දේවල් වලින්ද එහෙම නැත්නම් න්‍යායාත්මකව ඔබ රංගනය හදාරලා තියෙනවද? න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව යන අංශ දෙක ඔස්සේම මම රංගනය හදාරලා තියෙනව.අවුරුදු 15ක් තිස්සේ ටෙලි නාට්‍ය චිත්‍රපටි හා වේදිකා නාට්‍යවල ප්‍රධාන ධාරාවේ රංගන ශිල්පියෙක් විදියට මම රංගනයේ යෙදිලා තියෙනව.ඒ වගේම ඊට කලින් කවුරුත් මාව නොදන්න කාලෙක දේශීය හා අන්තර්ජාතික ගුරුවරුන් යටතේ මම රංගනය හදාරලා තියෙනව.

14.අපේ රටේ රංගන ශිල්පීන්ගේ වෘත්තීය වටිනාකම ගැන ඔබ මොකද හිතන්නේ. මමනම් හිතන්නේ ඒක හොද මට්ටමක තියෙනව කියල.අලුතෙන් එන පරම්පරාව ගැන නම් කියන්න දන්නේ නෑ.ඒ උනාට මම නියෝජනය කරන පරම්පරාව හා ඊට පෙර පරම්පරාව හොද වෘත්තීය මට්ටමක ඉන්නව.

15.ඔබට කලාවේ වෙනසක් හෝ improvement එකක් කරන්න අවස්තාවක් ලැබුනොත් ඔබ මොකද කරන්නේ. මම ඒක තමා දැන් කරමින් ඉන්නේ.ගොඩක් අය අලුත් පරම්පරාවට දොස් කියන එක තමා කරන්නේ. ඒ උනාට අපි කරන්න ඕනෙ ඒක නෙමෙයි.අලුත් පරම්පරාව හොද නෑ අලුත් පරම්පරාව ඉගෙනගෙන නෑ ඒ වගේ දේවල් කියනව.ඒ නිසා මම තීරණය කලා සම්පත් එක්ක එකතු වෙලා acting work shop එකක් කරන්න.ඒ මගින් අපි බලාපොරොත්තු වන්නේ වෘත්තීය වශයෙන් දැනුමක් සහිත අලුත් පරම්පරාවක් අපේ කලාවට දායාද කරන එක.