ජනප්‍රිය විකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Lawrence Sher ගේ නවතම චිත්‍රපටය වන්නේ Bastards චිත්‍රපටයයි. එයද විනෝදාත්මක චිත්‍රපටයකි. තම පියා මියගිය බව පිළිනොගත් පුතුන් දෙදෙනෙක් ඔහුව සොයා රට පුරා සංචාරය කරන අතරතුර ඔවුන් මුහුණදෙන සිදුවීම් සහ ඔවුන්ගේ හැසිරීම් රටා ඇසුරින් චිත්‍රපටය නිර්මාණය වී ඇත. මෙහි ප්‍රධාන චරිත ද්විත්වය Owen Wilson සහ Ed Helms විසින් ඉදිරිපත් කරයි. ඔවුන්ගේ විකට රංගනය චිත්‍රපටයේ විනෝදාස්වාදය වඩ වඩාත් තීව්‍ර කරන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. ඇමරිකාවේ ජෝර්ජියා හි ඇට්ලන්ටා නගරයේ සහ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි ආශ්‍රිතව  Bastards චිත්‍රපටයේ  රූපගත කිරීම් සිදුවී ඇත  ඇමරිකාවේදී දැනට තිරගත වේ.

 

.