එහෙනම් ඉතින් එක්කනෙක් වෙන්න එපැයි නේද?

අපි හැමෝටම පුරුදු තියෙනව.ඒව හරි හෝ වැරදි වෙන්න පුලුවන්.කෙසේ වෙතත් පුරුද්දක් විදියට අපි කරන සමහර දේවල් ගොඩක් විනෝදජනකයි.අන්ජුලා රාජපක්ෂ කියන්නෙ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඉතින් අපි ඇයගෙන් අහල බලමු මේ අපූරු පුරුදු ගැන.

රගපානව කියන එකත් දැන් පුරුද්දට ගිහිල්ල ඇති නේද?

මෙහෙමයි.රගපානව කියන එක මගේ job එක.මම අවුරුදු 18ක් තිස්සෙ ඉදන් job එකක් විදියට මේක කරනව.ඉතින් ඒක මගෙ ජීවිතේ එක්තරා කොටසක් කිව්වත් හරි.හැබැයි මෙහෙම දේකුත් කියන්න ඕනෙ.මම රගපාන්නෙ මගෙ වෘත්තීමය ජීවිතේ ඇතුලෙ විතරයි.

අතහැරගන්න බැරි පුරුදු මොනව හරි තියෙනවද?

මට රෑ 12 පහු වෙනකල් නින්ද යන්නෙ නෑ.ඇත්තටම ඒකනම් මගෙ ජීවිතේ අතහැරගන්න බැරි පුරුද්දක් වෙලා තියෙන්නෙ.

ඔබට තියෙන හොදම පුරුද්ද මොකක්ද?

මම ඉක්මනට මිනිස්සුත් එක්ක එකතු වෙන්න පුරුදු වෙලා තියෙනව.මම ඉක්මනට එයාලත් එක්ක කතාවට පෙළබවෙනව.ඒ වගේම මම ඉක්මනට එයාලව විශ්වාස කරනව.

පුරුද්දට ගියපු දෙයක් නිසා ජීවිතේ අපහසුතාවයට පත් වෙච්ච අත්දැකීම් තියෙනවද?

මම කිව්වනෙ මගෙ නරක පුරුද්දක් විදියට අතහැරගන්න බැරි පුරුද්දක් විදියට තියෙන්නෙ රෑට පරක්කු වෙලා නින්ද යන එක කියල.ඒ උනාට මට ඒකෙන් කිසිම අපහසුතාවයට පත් වෙන්න තරම් දෙයක්  වෙලා නෑ.ඒත් මම හොද පුරුද්ද විදියට කියපු මිනිස්සු විශ්වාස කිරීම හරහා නම් මම ගොඩක් අපහසුතාවයට පත් වෙච්ච අවස්තා තියෙනව.මගේ විශවාසයට ගැලපෙන විදියේ දෙයක් අනිත් පැත්තෙන් මට ලැබිලා නෑ.

රංගන ශිල්පියෙක් ශිල්පිනියක් විදියට තියෙන්න ඕනෙ වැදගත්ම පුරුද්ද විදියට ඔබ දකින්නෙ මොකක්ද?

මමනම් කියන්නෙ තමන් කරන job එක ගැන අධ්‍යාපනයේ යෙදෙන එක තමා හොදම දේ.

Beauty එක ගැන හිතල හිතල කරන්න පුරුදු වෙච්ච දෙයක් තියෙනවද?

මමනම් ඉතින් පුරුද්දක් විදියට වැඩිපුරම කරන්නෙ hair colers දාන එක තමයි.

ආදරය මුණ ගැසුනේ සංසාර පුරුද්දට කියල ඔබ හිතනවද?

එහෙනම් ඉතින් ඒ එක්කනෙක් වෙන්න එපැයි නේද?මෙහෙමයි අපි පුනුරුප්පත්තිය කියන දේ විශ්වාස කරනවනම් අදාරේ විතරක් නෙමෙයි හැම බැදීමක්ම සංසාර පුරුද්දට හමු උනා කියල කියන්න පුලුවන්.මීට සතවර්ෂ ගනනාවකට කලින් නම් එහෙම දේවල් වෙන්න ඇති.ඒ උනාට මේ සංකීර්ණ සමාජ ක්‍රමයත් එක්ක දැන් එහෙම දේවල් වෙනව කියල මමනම් විශ්වාස කරන්නෙ නෑ.

Husband ගේ නරකම පුරුද්ද විදියට ඔබ දකින්නෙ මොකක්ද?

අම්මෝ එයාගේ එකම නරක පුරුද්ද තමා නිතරම phone එකේ ඉන්න එක

එතකොට husband ගේ හොදම පුරුද්ද විදිහට දකින්නෙ.

එයා ගොඩක් මිනිස්සුන්ට් උදව් කරනව.මම ඒකට ගොඩක් කැමතී.ඒ වගේම එයා ඓතිහාසික දේවල් වලට ආදරේ කරන්නත් පුරුදු වෙලා තියෙනව.එයා කියන්නෙ ඒව තියෙන විදියටම ආරක්ෂා කරගන්න ඕනෙ කියලා.

රංගනයෙන් දායක වූ චරිත හරහා ඔබේ ජීවිතයට පැමිණි පුරුදු මොනව හරි තියෙනවද?

ගොඩක් දෙනෙක් පටලවගෙන ඉන්න දෙයක් තමා ඕක.තමන් කරන චරිතේ හා තමන්ගේ චරිතේ එකට පටලවගන්න එක.මමනම් හොද අවබෝධයකින් ඉන්නෙ මම කියන්නෙ එක්කනෙක් මම කරන චරිතෙ ඉන්නෙ තව කෙනෙක් කියල.ඒක නිසා මගෙ ජීවිතේට එහෙම පුරුද්දක්නම් ඇවිත් නෑ.