සංකාරා, කර්ම, යන චිත්‍රපට නිර්මාණය කොට අන්තර්ජාතික කීර්තියට ලක්වූ ප්‍රසන්න ජයකොඩිගේ තෙවැනි නිර්මාණයයි 28 කියන්නේ. මේ චිත්‍රපටය 43 වැනි රොටර්ඩෑම් අන්තර්ජාතික (NETPAC ) සිනමා සම්මාන උළෙලේදි ආසියාවේ හොඳම චිත්‍රපටයසදහා වන සම්මානය මෙන්ම ඛෙලෙඩි අන්තර්ජාතික සිනමා උළෙලේදී විශේෂ ජූරි ඇගැයීම් සම්මානයටද පාත්‍ර වී ඇත. ලිංගිකත්වය සංස්කෘතික කුණුහරුපයක් වී ඇති රටක, ලිංගික අපයෝජනයෙන් මියගිය තම බිරිඳගේ මළසිරුර එම්බාම් ලෑල්ල උඩදී දකින ස්වාමි පුරුෂයා, මෘතදේහය හෝ තමාගේ කරගැනීමට ගන්නා උත්සාහය හා එහා බැඳුනු කථා මාලාවක් හරහා සිදුවන්නාවූ මානුෂීය ගනුදෙනු විවරනයක් චිත්‍රපටයේ නිරෑපිතය. මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, රුක්මල් නිරෝෂ්, සරත් කොතලාවල ප්‍රධාන චරිත නිරූපනය කරන 28 චිත්‍රපටයේ විධායක නිෂ්පාදනය රසිත ජිනසේනගෙන්.