මේ වනවිට ලාංකික චිත්‍රරපට නිතරම ජාත්‍යන්තර චිත්‍රරපට උළෙල නියෝජනය කරන්නා වගේම ඒවායින් සම්මානත් දිනාගන්නවා. එය ලංකාවට ඉතා වැදගත් ගෞරවනීය ප්‍රරවනතාවක්. එහෙත් අපේ පොදු චිත්‍රරපට ප්‍රේෂකයින්ට සිනමා ලෝලීන්ට නම් ජාත්‍යන්තර චිත්‍රරපට උළෙලක් කී සැනින් මතකයට නැගෙන්නේ “ඔස්කාර්” “ගෝල්ඩන් ග්ලෝබ්” වගේ ජනප්‍රිය මට්ටමේ ඇමරිකානු චිත්‍රරපට උළෙලක් නැත්නම් ඉන්දියාවේ පැවැත්වෙන “ෆිල්ම් ෆෙයාර්”, “අයිෆා” , “සී සිනමා” වගේ සිනමා සැනකෙළි වැනි චිත්‍රරපට උළෙලක්. මේ ඇත්තෙන්ම සිනමා ලෝලීන් වහාම ආකර්ෂණය කර ගන්නා තරු විසිතුරු හා විනෝදය පිරුණු සැනකෙළි වැනි සිනමා උත්සව තමයි. එහෙත් ජාත්‍යන්තර සිනමා උළෙලවල් කියන්නේ මේ වර්ගයේ විනෝදාස්වා සිනමාවම උත්සවශ්‍රියෙන් සමරන ඒවාම නොවේ. වෙනත් අරමුණු අවශ්‍යතා වගේම ඉලක්ක සහිත දියුණු චිත්‍රරපට උළෙලවල් ගණනාවකුත් ලෝකයේ හැම වසරකම ඉතාම උත්සවශ්‍රියෙන් පැවැත්වෙනවා. සිනමා කලාවේ කලාත්මක ප්‍රරකාශන ගුණය, නිර්මාණාත්මක බව වගේම ඒ ඒ රටවල සිනමාවේ සමාජ සංස්කෘතික හා දේශපාලන හැඩහුරුකම් හෝ අනන්‍යතාව වැනි තේමාවන් සොයා බලා අගය කිරීමත් මේ චිත්‍රරපට උළෙලවල් වල අරමුණු අතර තිබෙනවා. ඒවගේම සිනමාවේ කලාත්මක සිනමාරූපී අංශයත් ජනප්‍රිය විනෝදාස්වාදන අංශයත් සමබර ලෙස ගෙන කිරා මැන බලන තවත් ඉහළ ගණයේ චිත්‍රරපට උළෙල ගණනාවකුත් ලෝකය පුරා පැවැත්වෙනවා. “බර්ලින්”, “වෙනිස්”, “කාන්”, “ටෝකියෝ”, “මොස්කව්”, “ටොරොන්ටෝ” වගේම කොරියාවේ “බූසාන්” වගේ චිත්‍රරපට උළෙලවල් මේ ගණයට අයිතියි. මේවායින් සම්මානයට ගෞරවයට ලක් වෙන්නේ තරමක් ගැඹුරු සංකීර්ණ අමුතු අත්දැකීම් සහිත චිත්‍රරපට තමයි. ඒත් මේ සම්මාන උළෙලවලදී සමහර අවස්ථාවල සම්මාන ලබා ගන්නේ ක්‍රියාදාම චිත්‍රරපට, සංගීතමය චිත්‍රරපට වගේම සම්මත ජනප්‍රිය රටාවේ චිත්‍රරපට වීමත් අමුතු අසම්මත තත්ත්වයක්. ජාත්‍යන්තර චිත්‍රරපට උළෙලවල ස්වභාවයත් ඒවායේ සම්මානි විනිශ්චයන් හා ප්‍රමිති හැමවිටම එකිනෙකට වෙනස්. මේ මට්ටමේ ජාත්‍යන්තර චිත්‍රරපට උළෙලවල් අතර ප්‍රරමුඛස්ථානයක රැදෙන කීර්තිමත් චිත්‍රරපට උළෙලක් වෙන්නේ, ප්‍රරංශයේ කාන් චිත්‍රරපට උළෙලයි. අපේ ලාංකික සිනමාකරුවන් ද දෙතුන් වතාවක් මේ චිත්‍රරපට උළෙලට තරගකාරී හා වෙනත් අංශ වලින් සහභාගී වූනා. එහි විශේෂම අවස්ථා දෙක වන්නේ 1956 දී රේඛාව චිත්‍රරපට සමග ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සහභාගීත්වය සහ 2005 වසරේ දී තරුණ සිනමාකරු විමුක්ති ජයසුන්දර සුළඟ එනු පිණිස චිත‍්‍රපටය සමඟ සහභාගී වීමයි. (සුළඟ එනු පිණිස 2005 දී කාන් සිනමා උළෙලේ කැමර ඩිඕ සම්මානය දිනා ගත්තා) දැන් අපේ අවධානය යොමු වන්නේ පසුගිය මැයි මස පැවති 2018 කාන් චිත්‍රරපට උළෙලේ ප්‍රරධාන සම්මානලාභීන් හා චිත්‍රරපට කිහිපයක් ගැනයි.

මෙවර කාන් ච්ත්‍රපට උළෙලත් වෙනත් වාර වල වගේම මාධ්‍ය වලත් විචාරකයින්ගේත් වෙබ් අඩවි වලත් තියුණු අවධානයට විමසීමට ලක් වුණා. මෙවර කාන් සිනමා උළෙලේ ජුරිය තරමක් වෙනස්. ප්‍රරවීන සිනමා නිළි කේට් බ්ලැන්චෙට් ජූරියේ සභාපති වන අතර ක්‍රිස්ටන් ස්ටුවර්ට්, ලීසිඩෝ, ඩෙනිස් විලෙනියුව්,ඇවා ඩියුවර්නි ඇතුලූ සිනමාව, සංගීතය හා සාහිත්‍යයට අයත් පිරිසක් ඊට ඇතුළත් වුනා. වැඩි පිරිස කාන්තාවෝ. මෙවර මෙහි තරඟකාරී අංශයට ච්ත්‍රපට 21 ක් තරඟ කළා. ඒ අතර යුරෝපීය හා බටහිර සිනමාවේ කීර්තිමත් සිනමාකරුවන් වුණු ෂාන් ලූක් ගොඩා, ගැස්පා නෝ, ස්පයික්ලී වගේම පළමු වතාවට කාන් ච්ත්‍රපට උළෙලට එක් වුණු පවෙල් පව්ලීකව්ස්කි, ලූකාස් ඩෝන්ට් වැනි අධ්‍යක්ෂකවරුත් තරඟයට එක්ව සිටියා. බොහෝ විචාරකයින් හා වෙබ් අඩවි රචකයින් සම්මාන උළෙලට කලින් මත පල කරමින් කියා සිටියේ මෙවර ප්‍රධාන සම්මානය (රන් ෆාම් අත්ත සම්මානය) ලැබෙන්නේ කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කළච්ත්‍රපටයකට හෝ මෑතකාලීන සමාජ විෂයක් වටා යථාර්ථවාදීව නිර්මාණය කළ ච්ත්‍රපටයක් සඳහා බවයි. එහෙත් සිදුවූයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ස්ත්‍රීන් බහුල කාන්තා අයිතීන් හා සමාජ දේශපාලන තේමා වලට වැඩි නැඹුරුවක් තිබුණු මේ අමුතුම ජූරිය උළෙලේ විශිෂ්ඨතම ච්ත්‍රපටය ලෙස තෝරා ගත්තේ දශක ගණනාවක අත්දැකීම් ඇති සරල හැඟීම් බර ච්ත්‍රපට නිෂ්පාදනය කරමින් තමන්ගේ රටේ ඉතාම හොඳින් ජනප්‍රිය වූ වියපත් ජපන් සිනමාකරුවෙකුගේ නවතම ච්ත්‍රපට. ඒ ජපන් සිනමාකරු හිරෝකාසු කොරෙඉදා ගේ “ෂොප් ලිෆ්ටර්ස්” ච්ත්‍රපට යයි. මේ ච්ත්‍රපට උළෙලේ ප්‍රරදර්ශනය වෙද්දී එය නැරඹූ විචාරකයින් ඊට කැමැත්තක් දැක්වූවත් එය උළෙලේ හොඳම ච්ත්‍රපටිය වේයැයි කිසිසේත් සිතා සිටියේ නැහැ. විශේෂයෙන් පසුගිය වසර දෙකකදීම මේ ප්‍රධාන සම්මානය ලබා ගත්තේ ඉතාම ගැඹුරින් මිනිස් ජීවිතය හා සමාජ ගැටළු නිරූපණය කළ ච්ත්‍රපට දෙකක්. (රූබන් ඔස්ට්ලූන්ඩ්ගේ ද ස්ක්වෙයා 2017 දීත් කෙන් ලෝච්ගේ අයි ඩැනියෙල් බ්ලේක් 2016 දීත් මේ සම්මානය ලබා ගත්තා) මෙවර සම්මාන දිනූ ෂොප්ලිප්ටර්ස් ඒ චිත‍්‍රපටි වලට අනුවනම් තරමක් සරල ච්ත්‍රපට කතාන්දරයක් ලෙසයි, ඇතැම් මතධාරීන් හඳුන්වන්නේ. ඒත් ජූරියේ තීරණය වුනේ මේ ච්ත්‍රපට, ඊට අදාළ සමාජ පසුබිම, තේමාව හා චරිත වල හැඟීම් ඉතා පැහැදිලිවත් හැඟීම් බර ලෙසත් නිරූපණය කරන ප්‍රබල සිනමා නිර්මාණයක් බවයි.

ෂොප්ලිප්ටර්ස් ච්ත්‍රපටයෙන් කියැවෙන්නේ තැනින් තැන තාවකාලිකව නැවතී කෙටි කාලීනව සොරකමේ යෙදෙමින් දිවි ගෙවන පහළ පාන්තික ජපන් පවුලක ජීවිතය පිළිබඳවයි. ඉතාම සරල සිනමා රීතියක ස්වභාවික රඟපෑම් හා ලිහිල් සරල කැමරා කරණයක් සහිතව දිග හැරෙන ෂොප් ලිප්ටර්ස්, ච්ත්‍රපටි උළෙලේ පොදු ආකර්ශණය දිනා ගත් චිත‍්‍රපටියක් වුණා. එහි අධ්‍යක්ෂක හිරෝකාසු කොරෙයිදා, සම්මාන උළෙලේ ඉහළ ආකර්ෂණයක් හා ප්‍රසාද දිනා ගන්නට සමත් වුණා. මේ ච්ත්‍රපට සරල නිරවුල් ස්වභාවය වගේම පීඩාවට පත් මිනිස් පවුලක් ලෙස හෙලන දයාබර බැල්මත් ෂොප්ලිප්ටර්ස් ඉහළට එසවෙන්නට තදින් හේතු වූ බවයි, පුවත්පත් විචාරකයින් කියා සිටියේ.

එහෙත් ජූරිය විසින් තෝරා ගනු ඇතැයි බොහෝ අය කලින් විනිශ්චය කළ වර්ගයේ ච්ත්‍රපට කිහිපයකුත් මේ උළෙලේ දී සම්මාන හිමිකරගත්තා. “හැපි ඈස් ලසාරෝ” වැනි අසම්මත ච්ත්‍රපටයක් සඳහා ඇලිස් රොවෝචර් තිර රචනයට හිමි සම්මානය ලබා ගත්තා. ජූරියේ සම්මානය දිනා ගත්තේ “කැෆර්නවුම්” නම් ඉතාම නාටකීය රීතියේ ච්ත්‍රපටයක්. උළෙලේ හොඳම දෙවැනි ච්ත්‍රපටය සඳහ වූ ග්‍රරෑන්ඞ් ප්‍රක්ස් සම්මානය ලබා ගත්තේ ඇමරිකානු සිනමාවේ ජනප්‍රිය චිත‍්‍රපටි අධ්‍යක්ෂකවරයෙකු වූ ස්පයික් ලී. ඔහුගේ “බ්ලැක්ලෑන්ස්මන්” නම් වූ ගිනි අවුලූවන සුළු ජනප්‍රිය රීතියේ චිත‍්‍රපටයට මේ සම්මානය ලැබුණි. අනෙක් අතින් ප්‍රංශ නවරැල්ලේ පෙරළිකාර සිනමාකරුවෙකු වූ ශාන් ලූක් ගොඩා ගේ “ඉමේජ් බුක්” නම් වීඩියෝ රචනාවක් බඳු වර්ග කළ නොහැකි අන්දමේ අසම්මත චිත‍්‍රපටියක් මෙහි දී විශේෂ පාම්ඩියෝ සම්මානයෙන් පුදනු ලැබුවා. කාන් චිත‍්‍රපටි උළෙලේ හොඳම අධ්‍යක්ෂක ලෙස සම්මානයට පාත‍්‍ර වුයේ පෝලන්ත ජාතික පවෙල් පව්ලොකොව්ස්කි. ඔහුගේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුගයේ අසම්මත ආදර කතාවක් ලෙස දිගහැරෙන “කොල්ඞ් වෝ” නම් කළු සුදු චිත‍්‍රපටය ඔහුට මෙම සම්මානය ලබා දුන්නා. මෙවර කාන් සිනමා උළෙලේ හොඳම නළුවා වුනේ මාසෙලෝ ෆොන්ටෙ නම් ඉතාලි ජාතික රංගන ශිල්පියායි. ඒ ඩෝග් මෑන් නම් චිත‍්‍රපටයටයි. හොඳම නිළිය බවට පත්වුයේ ආක්යා ච්ත්‍රපටයේ ප්‍රදාන චරිතයට එක් වූ රුසියානු ජාතික සමල් යෙස්ල්යමෝවා යි. විශිෂ්ඨතම පළමු ච්ත්‍රපට හිමි කැමරඩියෝ සම්මානය දිනා ගත්තේ “ගර්ල්” ච්ත්‍රපටයේ අධ්‍යක්ෂක ලූකාස් ඩොන්ට් විසිනි. එය ලාබාල නර්තන ශිල්පිණියකගේ සිසු ජීවිතය පිළිබ`ද කාව්‍යමය ච්ත්‍රපටයක්.

මෙවැනි විවිධ සම්මාන 12 කින් මෙවර කාන් ච්ත්‍රපට උළෙලේ තරඟකාරී අංශයේ සිටි සිනමාකරුවන් පුදනු ලැබුවා. බොහෝ අය විශිෂ්ට කෘතියක් ලෙස අනාවැකි පල කල තායිවානයේ “බර්නින්” බඳු ච්ත්‍රපටයක් කිසිදු සම්මානයකට හිමිකම් කීවේ නැහැ. එය බොහෝ අය විශ්මයට පත් කළ තත්ත්වයක්. හැම වතාවකම ඉහළ ප්‍රමිතියක් සහ මනා රසවින්දනයක් හා කර්මාන්තමය පදනමක් සිනමා සම්මාන වලට රැගෙන එන ප්‍රංශ කාන් සිනමා උළෙල මේ වසරේ දී නිමා වුනේ සුභවාදී විමර්ශන මෙන්ම මිශ විවේචන සමඟයි.

පූර්ණ නවරත්න