මෙවර tele mega hits තුළින් අපි ඔබට සමීප කරන්නේ සොදුරු දඩයක්කාරයා නම් නිර්මාණයයි.වර්තමානය වන විට සිනමාව අභිබවමින් පුංචි තිරය ප්‍රේකස්කයින් අතරට සමීප වී තිබේ.නමුත් ඒම් නිර්මාණ බොහෝමයක ගුණාත්මකභාවය පිළිඹදව ගැටලුවක් පවතී.කෙසේ වෙතත් එවන් දුර්වල නිර්මාණ අතරින් පතර උවද හොද ගුණාත්මක මට්ටමින් ඉහළ නිමාණ බිහි කිරීමට සමත් අධ්‍යක්ෂකවරුන් අප අතර සිටියි.එවන් අධ්‍යක්ෂකවරයෙ තමයි තුසිත ද සිල්වා කියන්නේ.ඔහු තම නිර්මාණකරණයේ දක්ෂතාවය සහ වෙනස තවදුරටත් පෙන්වා දුන්න අවස්තාවක් ලෙස සොදුරු දඩයකරයා සදහන් කළ හැකිය.

එකම පවුලක සහෝදරියන් තිදෙනෙකු වටා මෙම කතාව ගලා යයි.ඔවුන් සිටින්නේ අභාවයට ගිය වලව්වකයි.එසේම ඔවුන් තිදෙනාම විවාහ නී නැත.එක් සහෝදරියකට පෙම්වතියක් සිටියි.නමුත් ඔහුත් වයස අවුරුදු හතලිහක පමණ විවාහක පුද්ගලයෙකි.ඔහුටද විවාහක වයසේ දියණියක් සිටියි.අනෙක් සහෝදරියද විවාහ වීමට පුද්ගලයෙකු සොයමින් සිටියි.මේ දෙදෙනා අත්‍රින් බාල සහෝදරිය ඔවුන් දෙදෙනාටම වෙනස්ය.ඇය සාම්ප්‍රදායික දේවල් වලින් බැහැරව අලුත් අත්දැකීම් සොයා යමින් සමාජය සමග ගැටෙන චරිතයකි.මොවුන් තිදෙනාගේ ජීවිතය හා සම්බන්ධ වෙමින් ගොඩ නැගුන කතාවක් ලෙස මෙම නිර්මාණය සදහන් කළ හැකිය.

මෙම නිර්මාණය සාමන්‍ය නිර්මාණයන්ට වැඩිය වෙනස් ස්වරූපයක් ගනී.එය රූප භාවිතය අතින් නවමු ආරක් ගත් නිර්මාණයක් ලෙස සදහන් කළ හැකිය.ඒ පිළිබදව මෙහි අධ්‍යක්ෂකවරයා සදහන් කළේ මෙවන් අදහසකි. “ලංකාවේ ටෙලි විෂන් එකේ රූප භාවිතා කරන විදිය හරිම ප්‍රාතමිකයි.එකම විදියේ රූප පෙළක් තමා අපිට හැමදාම බලන්න වෙලා තියෙන්නේ.ඉතින් අපි හිතුවා මේ නිර්මාණය සදහා අලුත් ඒ වගේම වෙනස් විදියේ රූපමය සත්කාරයක් කරන්න.අපේ රටේ සම්මාන උළෙලවල් වල ඉන්න ජූරිවලටවත් මේ කියන රූප භාෂාව පිළිබදව දැනුම අඩුයි.ඒ නිසා මේ වගේ නිර්මාණ වලට සම්මාන ලැබෙනවත් අඩුයි එකම විදියේ නිර්මාණ වලට තමා හැමදම සම්මාන උනත් ලැබෙන්නේ.

අධ්‍ය්කෂකවරයා එසේ සදහනක් කළද මෙම නිර්මාණය බොහෝ සම්මාන උළෙලවල් සදහා නිර්දේෂ වී තිබේ.ඒ අතරින් රයිගම් සිග්නිස් සම්මාන උළෙලවල් ප්‍රධාන වෙයි.සිග්නීස් සම්මාන උළලේදී  සම්මාන දහයල් සදහා සොදුරි දඩයක්කාරය නිර්දේශ  වී තිබේ.එම සෑම සම්මාන උළෙලකදීම මෙහි තිර රචනය නිර්ද්‍ර්ර්ශ වී තිබීමද විශේෂත්වයකි.

සොදුරු දඩයක්කාරයා මෙම ටෙලි නිර්මාණය ගුණාත්මකභාවයෙන් මෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින්ද හොද මට්ටමක තිබූ නිර්මාණයකි.අධ්‍යක්ෂකවරයා සදහන් කළේ ක්‍රිස්තියානි ආගමික ජනතාව තර බොහෝ සෙයින් මෙම නිර්මාණය ජනප්‍රිය වූ බවයි.

මේ ටෙලි නිර්මාණය රූගත කළ ප්‍රදේශය පිළිබදවත් අධ්‍යක්ෂකවරයා අප සමග සදහන් කරනු ලැබුවා.අවිශ්සාවේල්ල ප්‍රදේශයේ වග කියන ගම්මානය ආශ්‍රිතව තමා මෙහි රූපගත කිරීම කැර අත්තේ.එම ප්‍රදේශය නිතර නිතර වර්ෂාපතනය ඇදහැලීම මෙම නිර්මාණය අත්‍ර තුර ඔවුනට මුහුන දීමට සිදු වූ ලොකුම අභියෝගය විදියට අධ්‍යක්ෂකවරයා අප සමග සදහන් කරනු ලැබුවා.

ඊට අමතරව මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරන නීට ඔරනාන්දු මහත්මියට මෙහි රංගනයේදී විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වී තිබේ.ඇයට එහි චරිත් නිරූපනයේදී පාපැදියක් පැද යාමට සිදු වී ඇත. නමුත් ඇය ඊට පෙර කිසිම දිනක පාපැදියක් පදවාගෙන ගොස් නැත.එම දර්ස්ජනයක් රූපෆත් කිරීමේදී සියලු දෙනාම ඒ පිළිබදව බයකින් හා අවධානයෙන් සිටිබව අධ්‍යක්ෂකවරයා පවසයි.කෙසේ වෙතත් ඇය එම අභියෝග ජය ගනිමින් මෙම නිර්මාණය සදහා සාදරණ චරිත නිරූපණයක්  කළ බව මෙම ටෙලි නිර්මාණය නැරබීමේදී පැහැදිලි වෙයි.

මේ නිර්මාණය සදහා දායක වූ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ගැනත් සදහන් කළ යුතුමයි.වසන්ති චතුරානි,බුද්ධාදාස විතානාරච්චි,නීටා ප්‍රනාන්දු,අන්ජුලා රාජපක්ෂ,අමිල අබේසේකර,පුබුදු චතුරංග,ජනක කුබුකගේ,චමිලා පීරිස්,කැලුම් ගම්ලත් වගේ ප්‍රවීණ මෙන්ම නවක් රංගන් ශිල්පීන් පිරිසක් මේ නිර්මාණයත් සමග සම්බන්ධ ව්‍ර්ලා තියෙනවා.ඒ වගේම ඔවුන්ගෙන් නිර්මාණය සදහා හොද සාදරණයක් ඉටු වී ඇති බවද සවහන් කළ යුතුය.

මෙහි කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතුකර ඇත්තේ උපුල් ප්‍රජාන්ය.ඔහුගේ නවුම් කැමරා කෝණ භවිත්‍යද මෙම නිර්මාණයට විශාල අලොකයක් ගෙන දී තිබේ.ඒ වගේම මෙහි සංගීත අධ්‍යක්ෂජවරයා වන්නේ කපිල පූගල ආරච්චි නම් දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයායි.ඔහුගේ සංගීතය තුළද මේ නිර්මාණය ගලා යන නැවුම් රිද්මයට සරිලන සංගීතමය රිදමයක් ගෙන දී තිබේ.

මේ ටෙලි නිර්මාණයේ නිෂ්පාදකවරුන් ලෙස තිදෙනෙකු සම්බන්ධ වී තිබේ.වසන්ති චතුරාණි,අරුණ මෙන්ඩිස්,රුවන් මෙන්ඩිස් ඔවුන් තිදෙනාය.මෙවන් නිර්මාණ සදහා තම නිෂ්පදන භූමිකාව යෙදවීම සදහා ඔවුන් ග්න්න තීර්ණය මෙරට ටෙලිවිෂන් කලාවේ ඉදිරි ගමණට විශාල පිටුවහලකි.

මේ ආකාරයට විමසා බැලීමේදී අපට පැහැදිලි වන්නේ නවක ආරක ගමන් කරමින් නව රූප රාමු භාවිතයෙන් නිර්මාණය වූ මෙම නිර්මාණය තුසිත ද සිල්වාගේ අධ්‍යක්ෂණයේ විශිෂ්ඨත්වය ටෙලිවිෂනයට පැමිනි තවත් විශේෂ අවස්තාවක් ලෙසය.