මාස හයට චිත්‍රපට හතරක් – රාධිකා අප්තේගේ රංගන චාරිකාව
ඇය මෑත කාලීන හින්දි සිනමාවේ බිහිවුණු දක්ෂම ඒ වගේම බය නැතිව ඕනෑම චරිතයකට මුහුණ දී ජයගන්නා රංගන ශිල්පිණියක් අතර පළමු පෙළේ සිටින නිළියක්. ඒ වගේම නර්තනය, රංගනය හා ගායනය කියන තුන් ඉරියව්වේම දස්කම් පෙන්වන “රාධිකා ආප්තේ” වත්මන් ප්‍රේෂකයින් අතර ඉතා හොඳ ප්‍රසාදයක් දිනාගත් ශිල්පිණියක්. “අහල්යා” වගේ කෙටි ච්ත්‍රපටයක් ඇගේ සරාගී බව හා මුසුවුණු ආකර්ශණීය රංගන හැකියාව අලුත් ප්‍රේෂක පරපුරක අවධානයට ලක්කළා. “පාර්ච්” වගේ ච්ත්‍රපටවලදී රංගනය සඳහා අවශය ලිංගික දර්ශනවලට බියෙන් තොරව මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තියත්, බුද්ධියත් ඇය පෙන්නුවා. මුලින්ම වේදිකාවෙන් රංගනයේ අත්පොත් තැබූ රාධිකා ආප්තේ “හන්ටර්” , “බාද්ලාපූර්” , “පෝබියා” , “මන්ජි” , “දෝනි” මෙන්ම “පාර්ච්” වැනි ච්ත්‍රපටවල සියුම් රංගන හැකියාවන් එළිදක්වපු බව. හින්දි ච්ත්‍රපට ලෝලීන්ට සොඳුරු මතකයක්. රාධිකා මේ වසර දහයක පමණ බොලිවුඩ් හා ප්‍රාන්ත සිනමාවට එක් වූ කාලය ඇතුලත දෙවරක් සම්මාන දිනාගත්තා. අවස්ථා ගණනාවක සම්මානයට නාම යෝජනා ලබාගත්තා.

රාධිකාගේ පුද්ගලික ජිවිතයේත් ඇය හැඟුම්බර අනුරාගී ගැහැණියක්. නව යොවුන් වයසේ වේදිකා රංගනයට එක් වූ කාලයේ පටන්ම ඇය පෙම්වතුන්ට යහළුවන්ට ඉක්මණින් සමීප වුණා. සිනමාවට එක්වූ පසු “වරුන් ධවාන්” , “නම්සුද්දීණ් සිද්දික්” සහ විවේක් ඔබරෝයිගේ සමඟ එළිපිටම සම්බන්ධතා පැවැත්වූ ඇය කාන්තාවගේ ආදරය ලිංගිකත්වය මෙන්ම ලිංගිත සූරාකෑම ගැනත් නිර්භීත ලෙස මාධ්‍යටයට අදහස් දක්වන රංගන ශිල්පිණියක්. ඇගේ වත්මන් සැමියා වන බ්‍රිතානයේ පර්යේෂණාත්මක නූතන සංගීතවේදීයකු වන “බෙනඩික්ට් ටේලර්” රාධිකාට හමුවුණේ අමුතු අවස්ථාවකදියී. 2011 රාධිකා බ්‍රිතානයට යන්නේ නූතන සමකාලීන නැටුම් පාඨමාලාවක් සඳහායිත සියල්ල අමතක කොට නර්තනය හා සංගීතය අතර සැරිසරන අතරේ හදිසියේ ඇයට හමුවුණ බෙනඩික්ට් සමග ඇය ආදරෙන් බැඳෙන්නේ ඉතා ඉක්මණින්. ඒ වගේම වසරක් ඇතුලත ඔහු හා විවාහ වෙනවා. දැන් දෙන්නා මුම්බායි වලත් ලන්ඩන් වලත් ජීවත් වෙනවා.
2018 වසර රාධිකාට සුවිශේෂි වසරක්. මේ වසරේ මාර්තු මාසයේ සිට ඇගේ චිත්‍රපට 4ක් මේවන විට ඉන්දියාව පුරා වගේම ජාත්යන්තර මට්ටමින් ප්‍රදර්ශනය වීම ඇරඹුනා. ඒ අතර “පෑඩ්මෑන්” හා “ලස්ට් ස්ටෝරීස්” විශේෂයි. ඒවා ප්‍රේෂකයින් අතර ආකර්ශණයට ලක්වූවා මෙන්ම ආන්දෝලනයටත් ලක්වූවා. ඒ වගේම “සේක්රඩ් ගේම්ස්” හා “ඝෝල්” යන ච්ත්‍රපට දෙක රූපවාහිනි කෙටි මාලා නාට්යයි. මේ ච්ත්‍රපට දෙකෙහිදීත් ඇයට ප්රබල රඟපෑම් සඳහා අවස්ථා ලැබී තිබෙනවා. ඉන් එකක් ක්‍රියාදාම මුසු කුතුහලය මූලික ච්ත්‍රපටයක්. අනෙක (ඝෝල්) අවතාරයක් බඳු ඝාතකයෙකු ගැන භයංකර ච්ත්‍රපටයක්. මේ ච්ත්‍රපට මේ වන විට ච්ත්‍රපට ශාලාවලත් රූපවාහිනි නාලිකා වලත් සාර්ථකව ප්‍රදර්ශනය වෙනවා. ඊට අමතරව මේ අගෝස්තුවේ රාධිකාගේ තවත් ච්ත්‍රපටයක් වන ශ්රී රාම් රාගවන්නේ “අන්ධධූන්” තිරගත වෙනවා. ඒ වගේම රාධිකා ආප්තේ හොලිවුඩ් සිනමාවට එක්වෙමින් දෙවන ලෝක යුධ සමයට අයත් කථාවක් සහිත ඇමෙරිකානු ච්ත්‍රපටයක ප්‍රදාන චරිතයක් රඟපාන්නට එකඟවෙලා. 2018 කියන්නේ රාධිකාටම කරල පැහෙන වාසනාව සපිරි වසරක් වගේ.