බොලිවුඩයේ රජ පවුල නැතිනම් එහෙම තත්ත්වයක පිළිගැනීමක් තියෙන පවුලක් බච්චන් පවුල. අමිතාබ්, ජායා , අභිෂේක්, ඓෂ්වර්යා බොලිවුඩයේ දැවැන්ත චරිත. මේ චරිත හතරම එකම චිත්‍රපටයක දැකගන්නට සිනමා රසිකයන්ට අවස්ථාවක් උදාවුණොත් එය කොයි තරම් අපූරුද? අභිෂේක්ගෙන්  මේ අපුර්වත්යට ඉඩක් තියෙනවද කියලා අදහස් විමසුව වෙලාවකදී ඔහු දුන්නේ ධනාත්මක පිළිතුරක්.  ”තනි තනිව ගත්තම අපි හතර දෙනා වෙනස්වූ රංගන ශිල්පීන්. වෙනම නළු නිළියන් හතර දෙනෙක් එකම චිත්‍රපටයේ රගපානවානම් මුලින්ම හතර දෙනාම වෙන් වෙන් වශයෙන් පිටපතට, මුදලට එකඟ වෙන්න ඕන. අපි එකම පවුලක කියලා එක වරම චිත්‍රපටයකටත්, පිටපතටවත් කැමති වෙන්න බෑ. නමුත් අපි හතර දෙනාම ගොඩක් සතුටු වෙයි. එවන් අවස්ථාවක් ලැබුනොත් ඒක විශිෂ්ටයි.” බොලිවුඩයේ චිත්‍රපට මතකයට ගත්තොත් අමිතාබ්, ජායා එකට රඟපෑ ආරාධනා චිත්‍රපටය ඉහලින්ම මතකයට ඒවි. අමිතාබ්, අභිෂේක් නම් Bunty Aur Babli, Kabi Al Vida Na Kehenna වගේ චිත්‍රපටවල එකට හමුවුනා. අමිතාබ්, ඓෂ්ර්යාව Kuch Na Kaho, Guru, Raavan වගේ චිත්‍රපටවලත් අභිෂේක්, Laaga Chunari Main Daag කියන චිත්‍රපටවල එකට රඟපානවා. ඊළග අවස්ථාව ඔවුන් සිව් දෙනාම එකට රගපානවද කියල බලන් ඉන්න එක. අපි හැමෝම වයසට යන්න කලින් ඔවුන්ට ඒ අත්දැකීම ලැඛෙයි කියල සිනමාවට ආදරය කරන කවුරුත් බලන් ඉන්නවා.