ප්‍රියංකා චොප්රා අලුත් ප්‍රමයක් සමඟ ආයේ බොලිවුඩයට

ප්‍රියංකා චොප්රා බොලිවුඩ් සිනමාවට හිමිවූ වටිනාම සම්පතක්. මේ වන විට ප්‍රියංකා බොලිවුඩ් සිනමා තරුවක් පමණක් නොවේ. ජාත්යන්තර සිනමා රූපවාහිනි ලෝකයේම සුපිරි කීර්තිමත් තරුවක්. ඇය අද හොලිවුඩ් හා යුරෝපීය ස්වාධීන සිනමා නිර්මාණවලත් හොඳ ඉල්ලුමක් ඇති ජාත්යන්තර තලයේ රංගන ශිල්පිනියක්. 2015 වසරෙන් පස්සේ ප්‍රියංකාගේ රංගන ජීවිතය බොහෝ දුරට ගෙවුණේ ඇමෙරිකාවේ කීවොත් හරි. ඒ වසරේ ඇය ඒබීසී රූපවාහිනි සමාගමේ ප්‍රධාන පෙළේ රූපවාහිනි මාලා නාටකයක් වූ “කොන්ටිකෝ” වල ප්‍රධාන චරිතයකට එක්වීමත් සමඟ අතිශය ජනප්‍රිය වෙනවා. ඒ එක්කම හොලිවුඩ් ච්ත්‍රපට දෙකකම (බේ වොච් හා “කිඩ්ලයික් ජේක්” ) ප්‍රධාන චරිත වලටත් එක්වූ නිසාම ප්‍රියංකා පසුගිය වසර දෙක තුනේ දිවිය ගෙව්වේ “නිව්යෝක්” නුවරයි. අවසානයට ඇය රංගනයේ යෙදුනු හින්දි සිනමා ච්ත්‍රපට වුනේ “බජිරාවේ මස්තානි” ච්ත්‍රපටයි . 2002 ඉන්දීය රූ රැජින ලෙස කිරුළු පැළඳි “ප්‍රියංකා චොප්රා” මේ වන විට තම රංගන හැකියාවන් සඳහාත්, සමාජ හා සංස්කෘතික දායකත්වයන් සඳහාත් සම්මාන, තිලිණ රාශියක් දිනාගත් ජනප්‍රිතම රංගන ශිල්පිනියක්.
ඒ අතරේ ඇගේ පුද්ගලික ජීවිතයේත් පසුගිය දිනවල අපූරු වෙනස්කම් සිදුවීම් ඇතිවුනා. දැන් ඇය නිව්යෝක්වල විශාල මන්දිරයක් වගේම තමාගේම ස්වාධීන ච්ත්‍රපට නිෂ්පාදන සමාගමකුත් හිමි ධනකුවේර ශිල්පිනියක්. ඉන්දියානු සිනමා කර්මාන්තයේදී ප්‍රියංකාට කලින් කලට එක් එක් වර්ගයේ පෙම්වතුන්ගේ නම් ඇඳිලා තිබුණා. ඒත් 2015 බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිකව ඈත් වූ පසු ඇය ඒ පැරණි ආදර අතීතයට සමුදීලා අලුත් ගැහැණියක් හැටියට හොලිවුඩ් සිනමාවේ ජීවිතය පටන් ගත්තා. ඒ විදිහට වසරක් ගෙවෙන විට ඇය ආයෙත් ප්‍රේමයක බැඳෙනවා. ඇගේ අලුත් පෙම්වතා ඇමෙරිකානු පොප් රොක් ගායකයකු හා රංගන ශිල්පියෙකු වන “නික් ජොනාස්”. ප්‍රියංකා වඩා වසර දහයකින් බාල ජොනාස් ට ප්‍රියංකා ආදර ආරාධනාව ලැබෙන්නේ “බේ වොච්” ච්ත්‍රපටයේ රූපගත කිරීම් අතරමැදයි. ආරංචියේ හැටියට දෙන්නාව පෙම්වතුන් බවට පත්කරලා තියෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළුවා ඩොන් ජ්වෙන්සන් හෙවත් “රොක්” විසින්. දැන් ප්‍රියංකා – නික් යුවල එකට ජීවත් වෙනවා වගේම මේ මෑතක ඉන්දියාවටත් ඇවිත් ප්‍රියංකාගේ පවුලේ අයත් හමුවී “ගෝවෙ” නගරයේ සතුටු සංචාරයක් පවා ගිහින් තිබෙනවා. මේ වෙනකොට ප්‍රියංකා – නික් ආදර කථාව හරිසම ස්ථිරව ලියවිලා කියලයි කියන්නේ.
ඔන්න ඒ එක්කම ප්‍රියංකා චෝප්රා අලුත්ම හින්දි ච්ත්‍රපට දෙකකට ආයෙත් එක්වෙලා. ඒ ච්ත්‍රපට දෙකම වැදගත්. එකක් “භාරත්” නම් සල්මන් ඛාන් සමඟ ඇය ප්‍රදාන චරිත රඟන ඉතිහාසගත කථාවක්. අනෙක “ද ස්කයි ඉස් පින්ක්” වම් චරිතාපදාන ච්ත්‍රපටයක්. ඒ ච්ත්‍රපටයේ ඇය මැදිවියට ආසන්න මව් කෙනෙකු ලෙස රඟපාන්නේ “ෆර්හාන් අක්තාර්” සමඟයි. මේ චිත්රපට දෙකම ඉදිරියේදී රූපගත කිරීම් අරඹනවා. ඒ වලේම ච්ත්‍රපට දෙකම ඉදිරියේදී රූපගත කිරීම් අරඹනවා. ඒ වගේම ප්‍රියංකා තමාගේ ච්ත්‍රපට සමාගම මඟින් ඉන්දියානු මරාති ච්ත්‍රපටයකුත් නිෂ්පාදනය කරන්නටත් සිතා සිටිනවාලු. ප්‍රියංකා නැවත බොලිවුඩ් තිරයට ආවා.