සිනමාකරුවකු ලෙස මගේ අරමුණ මගේම කථාන්තරය ලෝකයා සමඟ බෙදා ගැනීමයි!
“දැවෙන විහඟුන්” අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර

“දැවෙන විහඟුන්” ලංකාවේ සිනමාශාලා වලට අලූතින්ම එක් වූ සිනමාපටයයි. තම සැමියා මරා දැමීමෙන් පසු දරුවන් අටදෙනෙකු සමඟ ජීවිතය ගෙනයන්නට දුක් ගැහැට පිරි දුෂ්කර අරගලයක් කරන මවකගේ කඳුලූ කතාවක් ලෙස දිග හැරෙන “දැවෙන විහඟුන්” සම්මානලාභී සිනමාකරු සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි චිත්‍රරපටයයි. මේ වන විට ජාත්‍යන්තර සම්මාන හතරක් දිනාගත් මේ චිත්‍රරපටය පිළිබඳ සංජීව පුෂ්පකුමාර දක්වන අදහස් හා ආකල්ප සංවාදයක් ලෙස පහත පළවෙනවා.

ජන සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධියක සිට සිනමාකරණයට, ඔබට මේ ගමන් මඟ සවිස්තර දිග හැරීමක් කළ හැකිද ?

මගේ පාසල් අවදියේ මා හැමවිටම සිහින දුටුවේ රූපවාහිනී පූරකවරයෙක් බවට පත් වීමටයි. මා මගේ ගමෙන් කොළඹ නගරයට ඒමට එකම හේතුව එයයි. කොළඹ නගරයට ඒම සමඟ රූපවාහිනී පූරකවරයකු බවට පත් වී එහි යම් කලක් වැඩ කටයුතු කළා. පසු කාලයක දී රූපවාහිනී පිටපත් රචකයකු හා රූපවාහිනී නිෂ්පාදකවරයකු බවටත් පත් වුනා. එහෙත් ඒ කටයුතු එතරම් සාර්ථක නැති නිසා මා කළ කී දේ ගැන මගේ තෘප්තියක් තිබුණේ නැහැ. මා ච්ත්‍රපට අධ්‍යක්‍ෂවරයකු බවට පත්වන්නට තීරණය කළේ අශෝක හඳගමගේ “මේ මගේ සඳයි”, ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ “පුරහඳ කළුවර” සහ “පවුරු වළලූ” නැරඹීමෙන් පසුවයි. මේ මෑතකාලීන ච්ත්‍රරපට තුනයි, ප්‍රධාන වශයෙන්ම මට දැවැන්ත බලපෑමක් වුනේ.

ඔබ ඉපදී හැදී වැඞී ඇත්තේ දිගු කලක් සිවිල් යුද්ධයකට මැදි ව තිබුණු ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ බව පැවසෙනවා. ඒ පසුබිම ඔබේ සිනමාකරණයට බලපෑවේ කෙසේද?

මා ඉපදී හැදී වැඩුනේ නැගෙනහිර පලාතේ ත්‍රිරිකුණාමලය දිස්ත්‍රීක්කයේ දුර ඈත ගම්මානයකයි. මට පස් හැවිරිදි වියේ දී මගේ පාසලේ විදුහල්පතිවරයා හා ඔහුගේ බිරිඳ තවත් ගැමියන් පිරිසක් සමග ද්‍රවිඩ කොටි තර්ස්වාවාදීන් විසින් ඝාතනය කරනු ලැබුවා.එතැන් සිට විවිධ අවස්ථාවල අපට අපේ පාසල් ගමන නවතා දමන්නට සිදු වුනා. එපමණක් නෙව මගේ ළමා කාලයේ මා සරණාගත කඳවුරු වලත් ගත කර තිබෙනවා. මා චිත්‍රරපටකරුවකු වන්නට තීරණය කළ අවස්ථාවේ මගේ මූලික අරමුණ වුන මගේ මේ ජීවිතයේ අත් දුටු කතාන්දර ලෝකය සමඟ බෙදා ගැනීමයි.චිත්‍රරපටකරුවකු ලෙස මේ කතාන්දර ලෝකයාට නොකියා මට ජීවිතයක් නැහැ.

ඔබ වෘත්තාන්ත චිත්‍රරපටකට පෙර කෙටි චිත්‍රරපට තුනක් තනා තිබෙනවා. ඒවා ගැන කෙටියෙන් යමක් ප්‍රකාශ කරන්න හැකි ද?

ඔව් “Touch” බිහිවුනේ තම අත් දෙකම අහිමි වු සොල්දාදුවකු පිළිබඳ චිත්‍රරපටයක්. මේ කෘතියෙන් සාකච්ඡා කරන්නේ මිනිසුන්ට ජීවිතය ඉදිරියට ගෙනයාමට “ස්පර්ශය” කෙතරම් වැදගත් ද කියන කරුණයි. “Wings to fly” මා නිර්මාණය කළේ වසර 2007 දී කොරියාවේ දී. සහභාගී වූ සිනමා වැඩමුළුවක් සඳහායි. රූමත් අන්ධ තරුණියක් හා ඇගේ හමුදා නිලධාරී පෙම්වතකු පිළිබඳ ව එහි දී ප්‍රකාශ වුනා. An encounter බූසාන් චිත‍්‍රපට උළෙලේ ආසියානු චිත්‍රරපට ඇකඩමියේ වැඩමුළුවක් සඳහා අප කිහිපදෙනෙකු කළචිත්‍රරපටයක්. මා කටයුතු කළේ නිෂ්පාදන දෘශ්‍ය සැලසුම් ශිල්පී ලෙසයි.

“දැවෙන විහඟුන් “රූපගත කිරීමට ඔබට අනුප්‍රාණ ලබා දුන්නේ කුමක් ද?

1989 දී අපේ පියා අහිමි වන විට මට හුදෙක් වයස 11 ක් පමණයි. ඒ වන විට මට සොයුරන් සිව්දෙනෙකුත්, සොයුරියන් තිදෙනෙකුත් සිටියා. පවුලේ වැඩි මහල් දරුවා වුනේ මමයි. මගේ මවට වයස අවුරුදු 37 ක් පමණයි. මේ අවස්ථාව චිත්‍රරපටය සඳහා ලද පළමු අනුප්‍රාණය යි. 1989 මගේ පවුලට පමණක් නොව ලංකාවේ ඉතිහාසයේ ද ඉතාම වැදගත් වසරක්. 1989 දී දෙවැනි වාමවාදී තරුණ කැරැල්ල ඉතාම බලවත් ලෙස ලංකාවේ දකුණු ප්‍රදේශයේත් ක්‍රියාත්මක වුනා. එහෙත් අවාසනාවන්ත ලෙස එවක ආණ්ඩුව මේ කැරැල්ල තදින් මර්ධනය කළේ 60,000 කට අධික තරුණ පිරිසක් මරා දමමින්. “දෙවන විහඟුන්” සඳහා එක් අනුප්‍රාණයක්, හැඟීම් මාලාවක් ලබා දුන්නේ මගේම පුද්ගල අත්දැකීමෙන්. අනෙක මගේ මුළු රටම අත්දුටු බිහිසුණු අත්දැකීමයි.

ජන සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධියක සිට සිනමාකරණයට, ඔබට මේ ගමන් මඟ සවිස්තර දිග හැරීමක් කළ හැකිද?

මගේ පාසල් අවදියේ මා හැමවිටම සිහින දුටුවේ රූපවාහිනී පූරකවරයෙක් බවට පත් වීමටයි. මා මගේ ගමෙන් කොළඹ නගරයට ඒමට එකම හේතුව එයයි. කොළඹ නගරයට ඒම සමඟ රූපවාහිනී පූරකවරයකු බවට පත් වී එහි යම් කලක් වැඩ කටයුතු කළා. පසු කාලයක දී රූපවාහිනී පිටපත් රචකයකු හා රූපවාහිනී නිෂ්පාදකවරයකු බවටත් පත් වුනා. එහෙත් ඒ කටයුතු එතරම් සාර්ථක නැති නිසා මා කළ කී දේ ගැන මගේ තෘප්තියක් තිබුණේ නැහැ. මා චිත්‍රපට ච්ත්‍රපට අධ්‍යක්‍ෂවරයකු බවට පත්වන්නට තීරණය කළේ අශෝක හඳගමගේ “මේ මගේ සඳයි”, ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ “පුරහඳ කළුවර” සහ “පවුරු වළලූ” නැරඹීමෙන් පසුවයි. මේ මෑතකාලීන චිත්‍රරපට තුනයි, ප්‍රධාන වශයෙන්ම මට දැවැන්ත බලපෑමක් වුනේ.

ඔබ ඉපදී හැදී වැඞී ඇත්තේ දිගු කලක් සිවිල් යුද්ධයකට මැදි ව තිබුණු ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ බව පැවසෙනවා. ඒ පසුබිම ඔබේ සිනමාකරණයට බලපෑවේ කෙසේද?

මා ඉපදී හැදී වැඩුනේ නැගෙනහිර පලාතේ  ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ දුර ඈත ගම්මානයකයි. මට පස් හැවිරිදි වියේ දී මගේ පාසලේ විදුහල්පතිවරයා හා ඔහුගේ බිරිඳ තවත් ගැමියන් පිරිසක් සමග ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබුවා.එතැන් සිට විවිධ අවස්ථාවල අපට අපේ පාසල් ගමන නවතා දමන්නට සිදු වුනා. එපමණක් නෙව මගේ ලමා කාලයේ මා සරණාගත කඳවුරු වලත් ගත කර තිබෙනවා. මා චිත්‍රරපටකරුවකු වන්නට තීරණය කළ අවස්ථාවේ මගේ මූලික අරමුණ වුන මගේ මේ ජීවිතයේ අත් දුටු කතාන්දර ලෝකය සමඟ බෙදා ගැනීමයි.චිත්‍රරපටකරුවකු ලෙස මේ කතාන්දර ලෝකයාට නොකියා මට ජීවිතයක් නැහැ.

ඔබ වෘත්තාන්ත චිත්‍රරපටයකට පෙර කෙටි චිත්‍රරපට තුනක් තනා තිබෙනවා. ඒවා ගැන කෙටියෙන් යමක් ප්‍රකාශ කරන්න හැකි ද?   ඔව් “Touch” බිහිවුනේ තම අත් දෙකම අහිමි වු සොල්දාදුවකු පිළිබඳ චිත්‍රරපටක්. මේ කෘතියෙන් සාකච්ඡා කරන්නේ මිනිසුන්ට ජීවිතය ඉදිරියට ගෙනයාමට “ස්පර්ශය” කෙතරම් වැදගත් ද කියන කරුණයි. “Wings to fly” මා නිර්මාණය කළේ වසර 2007 දී කොරියාවේ දී. සහභාගී වූ සිනමා වැඩමුළුවක් සඳහායි. රූමත් අන්ධ තරුණියක් හා ඇගේ හමුදා නිලධාරී පෙම්වතකු පිළිබඳ ව එහි දී ප්‍රකාශ වුනා. An encounter බූසාන් චිත්‍රරපට උළෙලේ ආසියානු චිත්‍රරපට ඇකඩමියේ වැඩමුළුවක් සඳහා අප කිහිපදෙනෙකු කළ චිත්‍රරපටක්. මා කටයුතු කළේ නිෂ්පාදන දෘශ්‍ය සැලසුම් ශිල්පී ලෙසයි.

“දැවෙන විහඟුන් “රූපගත කිරීමට ඔබට අනුප්‍රාණ ලබා දුන්නේ කුමක් ද?

1989 දී අපේ පියා අහිමි වන විට මට හුදෙක් වයස 11 ක් පමණයි. ඒ වන විට මට සොයුරන් සිව්දෙනෙකුත්, සොයුරියන් තිදෙනෙකුත් සිටියා. පවුලේ වැඩි මහල් දරුවා වුනේ මමයි. මගේ මවට වයස අවුරුදු 37 ක් පමණයි. මේ අවස්ථාව චිත්‍රරපටය සඳහා ලද පළමු අනුප්‍රාරාණය යි. 1989 මගේ පවුලට පමණක් නොව ලංකාවේ ඉතිහාසයේ ද ඉතාම වැදගත් වසරක්. 1989 දී දෙවැනි වාමවාදී තරුණ කැරැල්ල ඉතාම බලවත් ලෙස ලංකාවේ දකුණු ප්‍රදේශයේත් ක්‍රිරයාත්මක වුනා. එහෙත් අවාසනාවන්ත ලෙස එවක ආණ්ඩුව මේ කැරැල්ල තදින් මර්ධනය කළේ 60,000 කට අධික තරුණ පිරිසක් මරා දමමින්. “දෙවන විහඟුන්” සඳහා එක් අනුප්‍රාරාණයක් හැඟීම් මාලාවක් ලබා දුන්නේ මගේම පුද්ගල අත්දැකීමෙන්. අනෙක මගේ මුළු රටම අත්දුටු බිහිසුණු අත්දැකීමයි.

ඔබ චිත්‍රරපටයේ දී වැඩි වශයෙන් ම භාවිතා කරන්නේ දුර රූප බව පෙනෙනවා. මේ පිටුපස ඇති අදහස කුමක් ද?

මට මේ ආඛ්‍යානයට කිසියම් භාවනාවක් බඳු ස්වභාවයක් හා යථාර්ථවාදී ශෛලියක් දෙන්නට අවශ්‍ය වුනා. ඒ නිසාම, වේගවත් හදිසි කැමරා චලන මඟින් අධි නාට්‍යමය ගුණයක් ලබා නොදීමට ප්‍රවේශම් වුනා. මම උත්සාහ කළේ හැමවිටම මේ කථාව නිරීක්‍ෂණය කිරීමට සැලැස්වීමයි. මිනිස් රූපය සහ එය අවකාශය සමඟ ඇති සම්බන්ධතාවත් මා තදින් සැලකිල්ලට ගත් කරුණක්.

පසු නිෂ්පාදන කටයුතුත් සමඟ ඔබට මේ චිත්‍රරපටය නිමකරන්නට කොපමණ කලක් ගත වුනා ද?

මා තිර රචනය ලියන්නට ආරම්භ කළේ 2012 ඔක්තෝම්බරයේ යි. 2015 මැද භාගයේ දී ප්‍රධාන රූපගතකිරීම් කළා. 2016 මාර්තු වන විට අපට පසු නිෂ්පාදන කටයුතු සම්පූර්ණ කරන්නට හැකි වුනා.

ඉතාම තියුණු දරා ගත නොහැකි දර්ශණ මේ චිත්‍රරපටයට ඇතුලත්. දූෂණය කිරීමේ දර්ශණයකුත් මීට අයත්. මෙවැනි දේ මේ චිත්‍රරපටයට ඇතුලූ කිරීමට ඔබ තීරණය කළේ ඇයි?

මේ  දර්ශණ මේ සිනමා ආඛ්‍යාන රීතියට ආවේණික ලෙස බැඳී තිබෙනවා. මේ දර්ශන ඔස්සේ අපට පෙනෙනවා ආඛ්‍යානයක විකාශනය කෙතරම් ශක්තිමත් ද කියා. අපේ මිනිස් චර්යාවන් මොන තරම් මෘග සහ කෲර ද කියන කාරණය අවධාරණය කරනවා.

මේ චිත්‍රරපටය රූපගත කළේ කුමන ප්‍රදේශයකද කිව හැකි ද?

මුළු චිත්‍රරපටයම රූපගත කළේ මගේ ගම ත්‍රිරකුණාමලයේ දී යි.

අනෝමා ජනාදරි සහ සමනලී ෆොන්සේකා මේ ච්ත්‍ර රපටයේ හැඟීම් අවුලූවාලන ආකර්ශණීය රංගනයක් ගෙන එනවා. චිත්‍රරපටයේ චරිත වරණය හා ඔබ චිත්‍රරපටය පුරා ඔවුන් ගොඩනැඟු ආකාරය අපට කිව හැකි ද? එසේම  පොදුවේ ඔබ තෝරාගන්නා රංගන ශිල්පීන්ගෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමනාකාර දේ ද?

අනෝමා වැඩි වශයෙන් ම රංගනයේ යෙදුනේ අශෝක හඳගමගේ චිත්‍රරපට හා ටෙලිනාට්‍ය වලයි. කෙසේ හෝ වසර 12 කින් චිත්‍රරපට වල රංගනයේ යෙදෙන්නට අවස්ථාව ලැබී තිබුනේ නැහැ. ඊට හේතුව මා දැන සිටියේ නැහැ. එහෙත් ලංකාවේ රංගනය සම්බන්ධයෙන් සම්පත් හිඟ නිසා මා අනෝමා සමඟ කටයුතු කරන්නට තීරණය කළා. ඇය සමඟ කටයුතු කරද්දී තිබූ විශාලම අභියෝගය වුනේ ඇගේ චරිතය මුහුණ දෙන මානසික වියවුල සහ අනෝමාගේ ශාරීරික රූපණය සමබර කිරීමයි. මට ඇය සමඟ සාකච්ඡා ගණනාවක් කරන්නට සිදු වුනා. මා ඇගේ චරිතය හා රූපණය තුල ඇයව සංයමයකින් යුතුව පවත්වා ගන්නට තදින් උත්සාහ කළා.සමනලී ඉතාම හොඳ තරුණ රංගන ශිල්පිණියක්. ඇය ශ්‍රී ලාංකික සිනමාවට ඉතා වැදගත් සම්පතක් කියා මා හිතනවා. මා ඉතා ප්‍රරවේශමෙන් ඔවුන් මෙහෙය වන්නට වග බලා ගත්තා. ඔවුන් කුසුම් හා වාසනා මිස ඔවුන් බවට පත් නොවිය යුතු බවට මා තද බල උත්සාහයකින් කටයුතු කළා.

ඔබේ චිත්‍රරපට මේ දක්වාම ශ්‍රී ලංකාවේ ප්‍රරදර්ශණය කරන්නට අවස්ථාවක් ලැබුනේ නැහැ. මේ පිළිබඳ ඔබේ අදහස? ඔබ තමන්ගේ රටේ රූපගත කිරීම් කරද්දි පවා අපහසුතාවලට ලක් වුණා ද? 

රූපගත කිරීම් අරඹන්නට දින දෙකකට පෙර ඒ ප්‍රරදේශයේ පොලීසිය මට දැන් වූවා, ඔවුන්ට මේ ව්‍යාපෘතිය ගැන විමර්ශණයක් කළ යුතු බවට. යම් කිසිවෙක් මේ චිත්‍රරපටය ගැන පොලිසියට පැමිණිලි කොට ඇති බවට පසුව මට දැන ගන්නට ලැබුනා. කෙසේ හෝ රූපගත කිරිමේ වැඩ පිළිවෙළ අවුල් කර ගන්නේ නැතිව මා ප්‍රශ්ණය විසඳාගත්තා. ඔබ දන්නා පරිදි මීට පෙර පැවති ආණ්ඩුව මගේ පළමු චිත්‍රරපටය ” පියාඹන මාළුවෝ” තහනම් කළා. ඒත් වාසනාවට මෙන් “දැවෙන විහඟුන්” සඳහා මට වාරණ සහතිකය ලැබුනා. දැන් ඇත්තේ වෙනම ගැටළුවක්. ඇතැම් සිනමාශාලා හිමියන් මගේ චිත්‍රරපටය තමන්ගේ සිනමා ශාලාවේ ප්‍රරදර්ශණය කරන්න කැමති නැහැ. චිත්‍රරපට පිළිබඳ ආවරණ හා සමාජ ආකල්ප නිසා ඔවුන් ඒ සඳහා මැලිවෙනවා.

ඔබේ චිත්‍රරපට දෙකම පුළුල් පිලිගැනීමටත් බොහෝ සම්මාන ජයග්‍රරහණ වලටත් පාත්ර වුණා. මෙවැනි ගෞරවයට හා පිළිගැනීමට ලක්වූ අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔබට ඒ ගැන දැනෙන හැඟීම කුමක් ද?

මිනිසුන් මගේ කෘතියක් අගය කරන විට මට සතුටක් තෘප්තයක් දැනෙනවා. මට තව තවත් නිර්මාණ කළයුතු බැව් හැඟෙනවවා. සම්මානයක් දිනාගැනීම යනු දින කිපයක් පමණක් පවතින තෘප්තිමත් කාලයක්. ඉන්පසුව මට සම්මාන මතක නැහැ.

සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔබට වඩාත් ආභාෂයක් ලබාදුන් සිනමාකරුවන්? ශ්‍රී ලංකාවේත් යම් කිසිවකු ඇති? න්ග්මාර් බර්ග්මාන්, අන්ද්‍ර තර්කොව්ස්කි සහ රොබට් බ්‍රෙසොන්, යසිජිරෝ  ඕසූ හා මයිකල් ඇන්ජිලෝ අන්තෝනියෝනි, මට නිරතුරුව ප්‍රරබලම අභාසයක් වුණා. හෝසියෝ හ්සියන් හා කාල් ඩ්‍රරයර් මා ඉතාම අගය කරන සිනමාකරුවන්. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ප්‍රරසන්න විතානගේ සහ අශෝක හඳගමගේ කෘතීන්ද මා ඉතාම ගරු කරනවා.

ඔබේ අනාගත සැලසුම් මොනවා ද?

මා තවත් චිත්‍රරපට දෙකක් ගොඩනංවමින් සිටිනවා. ඉන් එකක් යටත් විජිත සමයේ රාජ්‍ය සේවකයෙකු වූ ලෙනාර්ඞ් වුල්ෆ් හා ඔහුගේ එකල මෙරට ජීවිතය පිලිබදවයි. එය එක්තරා දේශපාලන චරිතාපදාන චිත‍්‍රපටයක්.

– සංඛා රේ (www.asianfilmvault.com ඇසුරෙන්)