මේ මෑත “සන්ජු” ච්ත්‍රපටයත් එක්ක නැවත පුදුම ජනආකර්ශණයක් ලැබූ තරුණ පරපුරේ සුපිරිම බොලිවුඩ් තරුවක් “රන්බීර් කපූර්”. “හයිවේ” , “ඩියර් සින්දගී” , “උදිත පන්ජාබ්” වගේම මෑතක “රාසි” ච්ත්‍රපටයත් සමඟ හින්දි සිනමා රසිකයින්ගේ ආදරය දිනාගත් බොලිවුඩ් දඟකාරිය, “ආලියා භාත්”. මේ දෙන්නා මෙතෙක් එකට ප්‍රදාන චරිත රඟපාලා තිබුණේ නැහැ. ඒත් ඒ දෙන්නාට ඒ අවස්ථාව උදාවුණේ අයාන් මුඛර්ජිගේ “බ්රහ්මශාස්ත්ර” ච්ත්‍රපටයත් එක්කයි. මේ දෙදෙනාත් ඇතුලුව “අමිතාබ්” , “නාගර්ජුන” , “මෞනි රෝයි” මුල්කොටගත් පිරිසක් පසුගියදා බල්ගේරියාවේ ච්ත්‍රපටය රූගත කළා. මේ හැමෝටම ඒ කාලය විනෝදජනක කාලයක් වුණා. ඒ වගේම රන්බීර් – ආලියා යුවල අතර ආදර කතාවක් මෝදුවුණු බවට කටකතා පැතිර ගියා. ඒ රූපගත කිරීම් දින කිහිපය ඇතුලතම කටකථාව සැබෑවක් බව ඔප්පු කළේ ආලියා භාත් විසින්මයි. ආලියා දෙන්නගේ සුන්දර සෙල්ෆි පින්තූරයක් රන්බිර්ගේ මව පිය දෙදෙනාට (රිෂි කපූර් හා නෙතූ කපූර්) ඊ මේල් කළේ පෙම් කතන්දරේ මාධ්යයටත් හෙළි කරමින්මයි. සිනමාවට සම්බන්ධ රන්බීර්ගේ දෙමාපියන්ද කාරණයට එකඟ බවයි ආරංචිය. රන්බීර්ගේ කලින් පෙම්වතිය වූ කත්රිනා කායිෆ් වගේම ආලියා භාත්ගේ මීට පෙර පෙම්වතා වුණු සිද්ධාර්ථ මල්හෝත්රාටත් දැන් සිදුවන්නේ විරහ ගීත ගායනා කිරීමට බවයි මේ අලුත් පෙම් කුරුල්ලන් ගේ ආදර කතාව ගැන හොඳින්ම දන්නා හිතවතුන් සහ සමාජ මාධ්යවල අය කියන්නේ. මේ රන්බීර් හා ආලියා අතර සම්බන්ධය ඒ තරම් සමීප හා ආදරණීයලු. ඒත් ඉතිං කත්රිනා කායිෆ්ටවත් සිද්ධාර්ථ මල්හෝත්රාටවත් ඒ තරම් දුක් වේදනාවක් ඇති බවකුත් පේන්න නම් නැහැ. මේ හැමෝම කරන්නේ රඟපෑමනේ.