අයිරංගනී සේරසිංහ.

අනේ ඔව් මට පෙම්වතියක් වෙන්න බැරි උනා.

01 ඔබ රංගනය පටන් ගන්නෙ කොයි කාලෙදි වගේද?

එතකොටමටඅවුරුදුපහක්හරිහයක්හරිවිතරඇති.ස්කෝලෙට ගිය හැටියෙම මම නාට්ටියක රගපෑව.මට තාමත් මතකයි ඒකෙ නම water babies.ඒකට ඇදපු costume එක පවා මට තාම මතකයි.මම o/l වෙනකල් දිගටම ඒ විදියට නාට්ටි වල රගපෑව.ඒ උනාට ඒව බලන්න ආවේ අපේ යලුවොයි පවුලෙ කට්ටියයි නෑදෑයොයි විතරයි.මම  a/l කරන්න ගියේ කැන්ඩි හයි ස්කූල් එකට.ඊට පස්සෙ තමා මුලින්ම මහජන ප්‍රදර්ශනය සදහා නාට්ටි කරන්න පටන් ගත්තෙ.a/l පාස් වෙලා මම Campus යන්න තේරුනා මම Campus එකට ගියාට පස්සෙත් නාට්ටි වලට සම්බන්ද උනා මාව ගොඩක් ජනප්‍රිය උනා.මම ගැන article පත්තර වල එහෙමත් ගියා ලෙස්ටර මගේ රංගනය මුලින්ම හදුනාගන්නෙත් එතකොට කියලයි මම නම් හිතන්නෙ.ඉතින් ඔය විදියට තමා මම මගෙ රංගන ජීවිතේ පටන් ගන්නෙ

02 ඔබ වැඩිදුර රංගනය හදාරන්න එංගලන්තයට යනව නේද ගැනත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

      මාව එංගලන්තෙට ගිහින් රංගනය හදාරන්න උනන්දු කලේ මට ඉංග්‍රීසි උගන්නපු ප්‍රොෆෙසර් කෙනෙක්.එයා තමා අවශ්‍යය ලිය කියවිලි පවා අදාල තැන් වලට දීල මගෙ ඒ ගමනට උදව් කලේ.මම එංගලන්තෙ අවුරුදු හතරක් විතර හිටියා.මම රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාත් මට එහෙදි මුන ගැහිල තියෙනව.හැබැයි මට ආයෙත් ලංකාවට යනකොට ලොකු අභියෝහෙකට මුහුන දෙන්න සිද්ද උනා.මම ලංකාවෙන් යන කාලෙ මෙහෙ භාවිතා උනේ ඉංග්‍රීසි මම ඉගෙන ගත්තෙත් ඉංග්‍රීසි භාෂාවෙන් එංගලන්තෙදිත් භාවිතා කලේ ඉංග්‍රීසිනෙ.හැබැයි මම ආයෙත් ලංකාවට එනකොට මෙහෙ භාවිතා උනේ සිංහල .ඉතින් මට රස්සාවක් හොයාගන්න ගොඩක් අමාරු උනා.

03 ඔබව සිනමාවට හදුන්වලා දෙන්නෙ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා නේද?

      Campus  එකේ drama කරන කාලෙ ඉදන්ම ලෙස්ටර් මාව දන්නව.මම හිතන්නෙ ඒ දක්ෂතා දැකල වෙන්න ඇති ලෙස්ටර් මාව එයාගෙ film එකේ කතිරිනා හාමිනේගේ චරිතෙට තෝර ගන්නෙ.රේඛාව මගෙ රංගන ජීවිතේ වගේම සිංහල සිනාමාවෙත් හැරවුම් ලක්ෂයක් උනා.හැබැයි ඊට් කලින් මම ලෙස්ටර්ගෙ ඉතා කුඩා කෙටි චිත්‍ර පටියක් රංගනයෙන් දායක වෙලා තියෙනව.රේඛාවෙන් පස්සෙ මම ලෙස්ටත් එක්ක film හතක් විතර කලා.

04 සිනාමවෙන් පස්සෙ ඔබ tele drama වලටත් සම්බන්ද වෙනව නේද?

   පරාක්‍රම නිරිඇල්ගේ යශෝරාවය tele drama එකේ තමා මම මුලින්ම රංගනයට දායක උනේ.හැබැයි මුලින්ම කතාකරනකොට මම ඒකට බෑ කිව්ව.මම කිව්ව අනේ මම ඕව දැකලත් නෑ මම ඕව ගැන දන්නෙත් නෑ කියල.ඊට පස්සෙ එයා කිව්ව film වල රගපාල තියෙන නිසා බය වෙන්න එපා ඒක ලේසි වෙයි කියල.කොහොම හරි මම ටෙලි නාට්‍යය කලාවටත් සම්බන්ද වෙනව මම රගපාපු tele drama ගොඩක් ජනප්‍රිය උනා මිනිස්සු පුදුම විදියට ඒ චරිත වලට ආදරය කරන්න ගත්ත.දැන් උනත් නෑදෑයෝ දු දරුවෝ වගේ කතාවලට මිනිස්සු ආදරෙයි.දවසක් මම ගොඩක් දුෂ්කර පලාතකට ගියා.එහෙ හිටපු වයසක කෙනෙක් මාව අදුරගෙන කිව්ව අනේ ඔයා රගපාන චරිත වලට මම ගොඩක් ආසයි කියල.මම ඇහුව්ව ඇයි ඉතින් ඒ තරම් කැමති කියල.එයා මට මෙහෙම කිව්වඇයි ඉතින් ඒ අපේ කතාවනෙකියල.ඒක අහපුවාම මට ගොඩාක් සතුටු හිතුන.ඒ තරමටම මගෙ රංගනය ඒ ගොල්ලන්ගෙ ජීවිත වලට සමීප වෙලා.

05 පෙම්වතියගේ චරිතය රගපාන්න අවස්තාවක් හම්බ උනේම නෑ නේද?

    අනේ ඔව් මට පෙම්වතියක් වෙන්න බැරි උනා මට හම්බ උනේ වැඩියෙන්ම අම්මගෙ චරිතේ රගපාන්න.ඒ උනාට මට ඒ ගැන දුකක් නෑ මම ඒක කලේ ගොඩක් ආසාවෙන්.

06 ඔබ රංගනයෙන් දායක උන චරිත වලින් ඔබ කැමතිම චරිතෙ මොකක්ද? වගේම ඔබේ සමකලීනයන් අතරින් ඔබ කැමතිම රංගන ශිල්පියා.

   මොනතරම් නිර්මාණ වලට දායක උනත් මම වැඩියෙන්ම කැමති මම ඉස්සෙල්ලාම කරපු චරිතෙට තමා.රේඛාව film එකේ කතිරිනා හාමිනීගේ චරිතෙට තමා මම තාමත් ආදරේ.කැමතිම නලුව කියන්නෙ ඉතින් එක්කනෙක් කියල කියන්න බෑ ගොඩක් අය හිටියා ඒ උනාටා ජෝ අබේ වික්‍රමට මම කැමති.එහෙම කියනකොට මට ගාමිණීව මතක් වෙනව අපි රේඛාව කරන කාලෙ ගාමිනී පොඩි කොල්ලෙක්.අපිට උදේට නැගිට්ටවන්න එන්නෙ ගාමිණි ඇපි ඉතින් බැනල පන්න ගන්නව.ඒ උනාට ගාමිණී පස්සේ මේ රටේ සුපිරි තරුවක් වෙනව.මම ගාමිනීගෙ film වලත් රගපාලා තියෙනව.

07 ඔබ උපතින්ම කතෝලිකයෙක් නේද? උනාට ඔබ පසුකාලීනව බුදු ධහම වැළද ගන්නව නේද?

       ඔව්.පොඩි කාලෙ මාව බෞතීස්ම කරල තියෙනව.ඒ උනාට අවුරුදු දහතුනක් දාහතරක් වගේ වෙනකොට මම ආගම ගැන හිතන්න ගත්ත.අපව මැව්වෙ දෙවි කෙනෙක්.එයා තමා මේ ලෝකෙ දේවල් පාලනය කරන්නෙ අපි කරන පව් වලට එයා සමාව දෙනව වගේ දේවල් මට විශ්වාස කරන්න බැරි උනා.ඒ උනාට මම සම්පූර්ණයෙන්ම බෞද්ධ ආගම වැළද ගත්තෙ මගෙ පුතාහෙ මරණෙන් පස්සෙ.පුතා නැති වෙලා හිත හදාගන්න බැරිව ඉද්දි මට එක්කනෙක් පොඩි පොතක් ගෙනත් දුන්න.ඒකෙ තිබ්බෙ බුදු ධහම ගැන කරුණු ටිකක්.ඒක කියෙව්වාම මම ආයෙත් ඇහැරුනා වගේ හැගීමක් දැනුන.මම ඊට පස්සෙ බුදු ධහම ගැන තියෙන පොත් හොයාගෙන කියවන්න පටන් ගත්ත.එතනින් පස්සෙ තමා මම සම්පූර්ණයෙන්ම බෞද්ධයෙක් උනේ.මම දැන් අවුරුදු ගානක ඉදන් මස් මාළු කන්නෙත් නෑ.

08 කුමාරද සිල්වා මහතා ඔබේ ජීවිත කතාව පොතක් විදියට ලියනව නේද?

    ඒක ජීවිතේ කෙනෙක්ට ලැබෙන සුවිෂේසී අවස්තාවක් ඒ උනාට මම ඒකට කැමති උනේ නෑ.එයා මට ඔය යෝජනාව කලාම මම මුලින්ම ඒකට අකමැති උනා.මම එයාට කිව්වඑහෙම පොතක් ලියනවනම් ලියවෙන්න ඕනෙ නේරු,මහත්මා ගාන්ධි,හිට්ලර් වගේ කට්ටිය ගැන කියල.ඊට පස්සෙ එයා කිව්ව එයාල වගේම ඔබත් අපේ රටට වැදගත් චරිතයක් කියල.කොහොම හරි එයා ඒ පොත ලිව්ව.මම දැනට උනත් ඒ ගැන අඩම්බර වෙන්නෙ නෑ.

09 ඔබ රංගනයට අමතරව ගුරු වෘත්තියේ හා මාධ්‍යය වෘත්තියේ නියලුනා නේද?

      මම campus එකෙන් අවුට් උනාට පස්සෙ මියුසියස් කොලේජ් එකේ ඉගැන්නුවා.ඒ වගේම එංගලන්තේ ඉදන් ආවට පස්සෙ මම ටයිම්ස් සගරාවේ වැඩ කලා.මම අදට උනත් ගුරු වෘත්තියට ගොඩක් ආසයි.ඒත් එංගලන්තෙ ඉදන් මෙහෙට එද්දි තිබුනා භාෂා ප්‍රස්නෙ නිසා මට ඒ වෘත්තිය මග හැරුන

10 ඔබ තුමියට පරිසරය හා ස්වබාධහම සමග සමීප සම්බන්දයක් තියෙනව නේද?

මටවිතරක්නෙමේඅපිහැමෝටමස්වභාධහමත්එක්කසමීපසම්බන්ධයක්තියෙන්නෙ.ඒත් අපේ මිනිස්සු ඒක තේරුම් නොගැනීමයි ප්‍රස්නෙ.මම පොඩි කාලෙ ඉදන්ම හැදුනෙ වැඩුනෙ පරිසරයත් එක්ක.සෙල්ලම් කලේ ස්වභාධහමත් එක්ක.ඉතින් මට ඒ වටිනාකම හොදටම දැනෙන්න ගත්ත.ඉස්සර අපේ ගෙදරට නැන්ද කෙනෙක් එනව එයා කෑම එහෙම කාල එක එක විහිලු කතා කියනව.අම්ම අපිට ඒව අහන්න දෙන්නෙ නෑ අපිව කාමරේට දාල වහනව.ඒ උනාට මම ඒව හොරෙන් අහගෙන ඉන්නව.දවසක් එයා කිව්ව කතාවක් නිසා මම තව තවත් ස්ව්භාධහම ගැන හොයන්නත් ඒ කෙරෙහි නැබුරු වෙන්නත් පටන් ගත්ත.එයා කිව්වෙ ස්වභාධහමේ නීති ගැන කතාවක්.මම campus එකට ගියාට පස්සෙ රුක් රැකගන්නෝ කියල ව්‍යාපෘතියක් පටන් ගත්ත.ඒකෙන් අපි කියල දුන්න මිනිස්සුන්ට ස්වභාධහම රැක ගැනීමේ වටිනාකම.

11 ඔබ සම්මානනීය නිළියක් නේද?

කලාකරුවා සහ සම්මාන අතර සම්බන්ධය ඔබ කොහොමද දකින්නෙ.

     මමනම් කියන්නෙම කිසිම නිර්මාණයක් හෝ රංගනයක් සම්මාන බලාගෙන කරන්න එපා කියල.එහෙම කලොත් ඒක අසාර්තකයි.වඩා වැදගත් වෙන්නෙ නිර්මාණයක් ගැන මිනිස්සු කතා කරන දේවල්.ඒක සම්මානෙකට වඩා ගොඩක් වටිනව.

12  ඔබ විදේශීය නිර්මාණ වලටත් සම්බන්ද වෙලා තියෙනව නේද?

      එහෙමම කියන්නත් බෑ indiana jones කියන film එකේනම් රගපෑව.ඒක රූගත කලේ ලංකාවෙ.ඊට අමතරව ඉංදියාවෙන් ඇවිත් මෙහෙ කරපු film එකකත් රගපෑව.

13 ඔබ තුමිය සම්බන්ධ උන රේඩියෝ drama එකක් ගැන පහුගිය කාලෙ කතාබහට ලක් උනා නේද?

    පිස්සුනෙ මිනිස්සුන්ට ඒකෙන් එහෙම බුදු ධහමට අපහාසයක් වෙන්නෙ නෑ.ඒක අහපුවත් නැති අය තමා ඒකට බනින්නෙ.මම අකමැතිම දෙයක් තමා ඔය ජාතිය ආගම පටලවගෙන ගහ මරාගන්න එක.

13 සිනමාවේ අනාගත පරම්පරාවට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නෙ ඔබට.

     මෙහෙමයි සිනමාව කිව්වාම මම අදාල වෙන්නෙ රංගනය පැත්තටනෙ.එහෙම බැලුවාම මට කියන්න තියෙන්නෙ හොදට පිටපට කියවන්න කියන එක මුලින්ම.කතන්දරයක් විදියට නෙමේ ඒ ඒ චරිත වලට අදාල හැගීම් කියවන්න ඕනෙ.ඕක අපේ අලුත් අය නොකරනම දෙයක්.එ වගේ තව ගොඩක් දේවල් තියෙනව.රංගනය කියන්නෙ සරල දෙයක් නෙමේ.ඒක ඇතුලෙ කරන්න ගොඩක් වැඩ තියෙනව.මට කියන්න තියෙන්නෙ තමන් කරන දේට තමන් අවන්ක වෙන්න කියන එක තමා.